බිපාෂා පවුම් 78,000ක මුදලක් වංචා කරලා?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-22-ent-08

පාකිස්තානය - ලන්ඩනය සමගාමීව සංවිධාන කළ මෝස්තර නිරූපණ සංදර්ශනයක් පසුගියදා ලන්ඩන් නුවරදී පැවැත්විණි. ලොව ප්‍රකට නිරූපණ ශිල්පීන් සහ ශිල්පිනියන් මේ සඳහා සහභාගි වූ අතර, ඒ සඳහා විශාල මුදලක් ගෙවා ඇති බවද සඳහන් වෙයි. ඒ සඳහා බොලිවුඩ් නිළිය සහ වෘත්තීයමය නිරූපණ ශිල්පිනී බිපාෂා බාසුද ඇරයම් ලබා තිබුණු බවද සඳහන් වේ. බිපාෂා බාසු සම්බන්ධයෙන් සංවිධාන කටයුතු වගකීම පැවරී ඇත්තේ රොනිටා ශර්මාටය. බිපාෂා මේ සඳහා දායක කරගැනීමට පවුම් 78,000ක මුදලක් සහ ඇයගේ ගමන් වියදම මෙන්ම නවාතැන් සඳහා සුපිරි හෝටල් සඳහා මුදල් ගෙවා ඇති බවද සඳහන් වෙයි. ඉන්පසු ඇය ලන්ඩනයට පැමිණ ඇති අතර, ඉන් අනතුරුව මෙම නිරූපණ සංදර්ශනයට දායක වීම ඇය ප්‍රතික්ෂේප කර ඇතැයිද සඳහන් වෙයි.

බිපාෂාගේ කළමනාකාරිනිය ඇය සංදර්ශනට සහභාගි කරවීම සඳහා බලවත් උත්සාහයක යෙදී ඇති අතර, එයද නිශ්ඵල වී තිබේ. මේ පිළිබඳ එම සංවිධායකවරිය විසින් ලන්ඩනයේ ආගමන විගමන කාර්යාලයෙන් ඉල්ලා ඇත්තේ බිපාෂා බාසුට කිසිදු වෘත්තීය කටයුත්තක් සඳහා ලන්ඩනයට පැමිණීම තහනම් කරන ලෙසයි. බිපාෂා තමන්ටවිශාල මුදලක් වංචා කර ඇති බව සංවිධායකවරිය පවසන අතර, මේ පිළිබඳ බිපාෂා සඳහන් කර ඇත්තේ සංවිධායකවරිය වංචාකාර ගැහැනියක් බවත්, ඇය තමාට විරුද්ධව කටකතා පතුරවන බවත්ය.

 

 2017-03-22-ent-09

2017-03-22-ent-10