බැණාට මාමණ්ඩියගෙන් සුබපැතුම්
මීට මාස කිහිපයකට පෙර විවාහ දිවියට එක්වූ ජනප්‍රිය හොලිවුඩ් සිනමා නළු ක්‍රිස් ප්‍රිට් මේ වනවිට නැවත වරක් පිය පදවිය ලැබීමට සූදානමින් සිටියි. මේ බව මාධ්‍යයට සැළවීමත් සමග ක්‍රිස්ගේ අලුත්ම බිරිඳ කැතරිනාට සිය පියා වූ සුපිරි හොලිවුඩ් සිනමා නළු ආනල්ඩ් ස්වර්සේනගර් සිය සුබපැතුම් එක්කොට ඇතැයි වාර්තා වේ.
ආනල්ඩ් පවසන්නේ කැතරිනා පළමුවරට මවක් වීම තමාට අතිශය සතුට දනවන කාරණයක් වී ඇති බවය. එමෙන්ම ඉදිරි මාස කිහිපය ඇයව ඉතා පරිස්සමින් බලාගන්නා ලෙසට ක්‍රිස්ට අවවාද එක් කරමින් ආනල්ඩ් මෙසේ සිය සුබපැතුම් කැතරින් හා ක්‍රිස් දෙදෙනාට එක්කොට තිබීම විශේෂත්වයක් වී ඇත.