‘බැඩ් බොයිස්’ අලුත් එක ජනවාරි 17 වැනිදා
සුපිරි හොලිවුඩ් සිනමා නළු විල් ස්මිත්, මේ වසරේ රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටය ‘බැඩ් බෝයිස් ෆෝ ලයිෆ්’ චිත්‍රපටය ජනවාරි 17 වැනි දින හොලිවුඩයට සමගාමීව ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිතව ඇත. අතිශය ජනප්‍රිය වූ ‘බැඩ් බෝයිස්’ චිත්‍රපට මාලාවේ අලුත්ම කතාංගය ඇතුළත් චිත්‍රපටය වන මෙහි ස්මිත් සමගින් මාටින් ලොරොන්ස් ප්‍රධාන චරිත නිරූපණය කරයි. ඔවුන්ට අමතරව සුරූපී නිළි වැනිසා හෙඩ්ජින්ස්, ඇලෙක්සැන්ඩර් ලුඩ්විග්, චාලිස් මෙල්ටන්, නීකි ජේම් මෙහි සෙසු චරිත සඳහා එක්ව ඇත.
මෙහි කතාව දිගහැරෙන්නේ දක්ෂ පොලිස් පරික්ෂවරුන් දෙදෙනෙකු වන විලී ලෙවුරි හා මාකස් බර්නට් දෙදෙනා සිදු කරන අපරාධ පරීක්ෂණයක් වටාය. එහිදී ඔවුන් සිදු කරන අපරාධ පරික්ෂණයේ වග උත්තරකරුවන් නිතී හමුවට ගෙන ඒමට ගන්නා උත්සාහ මෙන්ම ඔවුන්ට සිදුවන අකරතැබ්බද මෙම කතාව තුළ අන්තර්ගතව ඇත. ‘කොළොම්බියා පික්චර්ස්’ සමාගමේ බෙදාහැරීමක් වන මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 90ක් වැය කරමින් නිර්මාණය වුවක්ද වෙයි.