'බාහූබලි' චිත්‍රපටයත් චීනයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20180424Bahubali-1

වැඩිම ආදායමක් උපයාගත් ඉන්දීය චිත්‍රපට අතර දෙවැනි තැනට පත්ව ඇති රාජ්මෞලීගේ ‘බාහුබලි’ දෙවැනි චිත්‍රපටයත් චිනයේ ප්‍රදර්ශනය කරන්නට සූදානම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඉන්දීය රුපියල් කෝටි 1758ක ආදායමක් උපයාගෙන ඇති මෙම චිත්‍රපටය 2017 වසරේ ඉහළම ආදායමක් උපයාගත් ඉන්දීය චිත්‍රපටයද විය. මෙම චිත්‍රපටය චිනයේ මැයි 04 වැනිදා සිට ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති බව සඳහන් වේ.

සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටය චිනයේ ප්‍රදර්ශනය කළහොත් අමිර් ඛාන්ගේ ‘දංගල්’ චිත්‍රපටය උපයාගෙන ඇති ආදායම පහසුවෙන් ඉක්මවා යනු ඇති බවය. මේ වනවිට අමිර් ඛාන්ගේ චිත්‍රපට ත්‍රිත්වයක් චිනයේ ප්‍රදර්ශනය වූ අතර, ඒවා ඉහළ ආදායමක් උපයා ගන්නටද සමත්විය.