'බාහුබලී' ගේ විවාහය කා සමගද?
කොටස් දෙකකින් යුක්ත වූ ‘බාහුබලී’ චිත්‍රපටියේ දෙවන කොටස මේ දිනවල ලොවපුරා වාර්තා තබමින් ප්‍රදර්ශනය වේ. එහි ‘බාහුබලී’ චරිතය රඟ දක්වන ප්‍රභාෂ් කෙරෙහි කාන්තාවන්ගේ විශේෂ අවධානයක් හා ආකර්ෂණයක් තිබිණි.
37 හැවිරිදි වියේ පසුවන ප්‍රභාෂ් විවාහයක් ගැන තවම පවසා නැති අතර ඔහුගේ පෙම්වතියක් ගැනද සඳහනක් නැත. ‘බාහුබලී’ චිත්‍රපටියේ දේව්සේනාගේ චරිතයට පණ පොවන අනුෂ්කා ෂෙට්ටි සමග ඔහුගේ සබඳතාවක් ඇතැයි රාවයක් පැතිරුණත් ඔවුන් දෙදෙනාම එය ප්‍රතික්ෂේප කළහ.
කෙසේ වෙතත් මෑතකදී මාධ්‍ය වාර්තා කළේ රාසි සිමෙන්ති සමාගමේ සභාපති වන භූපති රාජා සිය මිණිබිරියව ප්‍රභාෂ්ට යෝජනා කර ඇති බවයි. ප්‍රභාෂ් ඇයට කැමැති වුවහොත් ඔවුන් අතර විවාහය ලබන වසරේදී සිදුවෙන ඇති බවට පැවසේ.
කෙසේ වෙතත් තවමත් ඒ සම්බන්ධයෙන් නිල තොරතුරු වාර්තා වී නොමැත.