‘බාද්ලා’ අන්තර්ජාලය තුළ සජිවිව බලලා
මාර්තු 08 වැනිදා ඉන්දියාව තුළ ප්රදර්ශනය ඇරඹු ‘සූජෝයි ගොෂ්’ගේ ‘බාද්ලා’ චිත්රපටය මේ වනවිට අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයකින් සජිවිව නරඹන්නට ප්රේක්ෂකයන්ට අවස්ථාව ලබාදී තිබේ. පසුගිය කාලය පුරාවටම මෙවැනි සිදුවීම් ඉන්දියාව තුළින් වාර්තා වූ අතර, මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපයාගත් ‘ටෝටල් ඩමාල්’ චිත්රපටයටද මෙම අකරතැබ්බය පසුගිය දිනවලදී සිදුවිය.
කෙසේ වෙතත්, මේ වනවිට ‘බාද්ලා’ චිත්රපටය සජිවි ප්රදර්ශනය කළ වෙබ් අඩවිය සඳහන් කර ඇති අතර, බොලිවුඩ් චිත්රපට නිෂ්පාදකවරුන් පවසන්නේ ‘බාද්ලා’ හා ‘ටෝටල් ඩමාල්’ චිත්රපටයට පෙර රන්වීර් සිංගේ ‘සිම්බා’, කංගනාගේ ‘මණිකර්ණිකා’ හා මාර්තු 08 වැනිදා ප්රදර්ශනය ආරම්භ කළ ‘කැප්ටන් මාවල්’ චිත්රපටයද මෙසේ අන්තර්ජාලය ඔස්සේ සජිවිව ප්රදර්ශනය කර තිබුණ බවය. මේ නිසාම මෙම චිත්රපටය නරඹන්නට සිනමා ශාලා කරා ඇති ප්රේක්ෂකයන් ප්රමාණයද අඩුවු බව ඔවුන් වැඩිදුරටත් සඳඑන් කර තිබුණි.