'බාගි' දෙවැන්න කෝටි 250ක් උපයයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-04-19-ent-210

අහමඩ් ඛාන් විසින් අධ්‍යක්ෂණය කළ ‘බගී’ දෙවැනි චිත්‍රපටය මේ වනවිට බොලිවුඩයට සමගාමිව ලෙවපුර රටවල් කිහිපයක ප්‍රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කේටි 250කට වඩා වැඩි ආදයමක් උපයාගෙන ඇතැයි බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කර සිටියි. එය මේ වසරේ තිරගත වූ බොලිවුඩ් චිත්‍රපට අතරින් ‘පද්මාවත්’ චිත්‍රපටයට පසුව ඉහළම ආදායමක් උපයාගත් බෙලිවුඩ් චිත්‍රපටය බවට පත්ව ඇත.

ඉන්දියාවේ පමණක් එම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 155ක් උපයා ගැනීම විශේෂත්වයකි. ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස ලේබල් ගත කොට ඇති මෙම චිත්‍රපටයේ ටයිගර් ෂෙරෝෆ් හා ඔහුගේ සැබෑ පෙම්වතිය වන ඩිෂා පටානි මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායකව ඇත.