'බාගි' දෙවැන්නට ක්‍රිති කැඳවයි
ඉන්දීය රුපියල් කෝටි 70කට අධික මුදලක් උපයා ගන්නට සමත් වූ ටයිගර් ෂෙරෙෆ් රඟපෑ ‘බාගි’ චිත්‍රපටයේ දෙවැන්න මේ වනවිට නිර්මාණය කරන්නට සැලසුම් කර තිබේ. පළමු ‘බාගි’ චිත්‍රපටයේ ටයිගර්ගේ සිනමා පෙම්වතිය ලෙස ශ්‍රද්ධා කපූර් පෙනී සිටි අතර, දෙවැන්නේ ඒ චරිතය සුරූපී ක්‍රිති ෂැනොන්ට ලැබී තිබේ. ක්‍රිති ෂැනොන් හා ටයිගර් මීට පෙරද බොලිවුඩ් චිත්‍රපටයක පෙනී සිටි අතර, ඒ ‘හීරෝපාන්ති’ චිත්‍රපටයේය. එය ක්‍රිතිගේ මෙන්ම ටයිගර්ගේද පළමු බොලිවුඩ් චිත්‍රපටය වීම විශේෂත්වයකි. මේ වසරේ ක්‍රිතිගේ ‘රබ්තා’ හා ටයිගර්ගේ ‘මුන්නා මයිකල්’ චිත්‍රපට ඉදිරියේදී තිරගත කිරීමට නියමිතය.