බ්‍රිට්නි තෙවැනි වරටත් විවාහ වෙයි
ජනප්‍රිය ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් සහ සෑම් අස්ගාරි නිතර නිතර හමුවන ආරංචියක් පසුගිය සති කිහිපය තුළ ලොව පුරා පැතිරී ගියා. බොහෝදෙනා සඳහන් කරනු ලැබුවේ ඔවුන් දෙදෙනා මිතුරන් වීම හේතුවෙන් මේ ආකාරයෙන් මුණ ගැසෙන බවයි. නමුත් පසුගිය සතියේ හොලිවුඩ් ආරංචිවල සටහන් වූයේ ඊට හාත්පසින්ම වෙනස් පුවතක්. ඒ බ්‍රිට්නි සහ සෑම් රහසේම විවාහ වීම පිළිබඳවයි. මෙය සිදුවී දැනට සති දෙක තුනක් ගතවී ඇති බවයි බොහෝදෙනා මාධ්‍යවලට ප්‍රකාශ කර ඇත්තේ. කෙසේවුවත් එම කාරණාව සත්‍යයක් නම් මෙය ඇයගේ තුන්වැනි විවාහයයි. මින් පෙර විවාහයකින් ඇයට දරුවන්ද සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනු ලබනවා.