බ්රැඩ්පිට්ගෙන් වෙන්වූ ඇන්ජලීනා නැවතත් පෙම්වතියක්
ඇන්ජලිනා ජොලී පසුගිය කාලයේ බොහෝමයක් ගත කළේ නඩු විභාගවල බව කවුරුත් දන්නා කාරණාවක්. ඒ තම නීත්‍යානුකූල සැමියා වූ බ්‍රැඩ් පිට්ගෙන් වෙන්වී සිතෙන් පීඩා විඳි ඇය තම දරුවන් සමග කාලය ගතකරනු ලැබුවත් තමන් නීත්‍යානුකූලව බ්රැඩ්ගෙන් වෙන්වූ බව නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවේ නැත. නමුත් පසුගියදා ඇය මෙම කාරණාව ප්‍රසිද්ධියට පත්කරන ලදී. ඒ ඇය නීත්‍යානුකූලව බ්රැඩ්පිට්ගෙන් වෙන්වූ බවයි. බ්‍රැඩ්පිට් පිළිබඳව විවිධ කටකතා පසුගිය කාලයේ මතුවෙමින් පැවතුණා. ඒ ඔහුගේ පෙම් සම්බන්ධතාවක් පිළිබඳවයි. ඔහු ජනප්‍රිය නිළි කේඩ් හඩ්සන් සමග ප්‍රේම සම්බන්ධතාවක් ආරම්භ කර ඇති බවට පුවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා. කෙසේනමුත් මේ පිළිබඳව බ්‍රැඩ් පිට් නම් කිසිදු ප්‍රකාශයක් පවසා නොමැත.
මේ කාරණා අවසන් වීමත් සමග හොලිවුඩයෙන් ආරංචි වන නවතම පුවත වන්නේ ඇන්ජලීනා නැවතත් පෙම්වතියක් වී ඇති බවයි. ඒ ගායකයෙකු සහ ගීත රචකයෙකු වන ජරෙඩ් ලොටෝ සමගිනි. දෙදෙනා පසුගිය දිනවල නිරන්තර වශයෙන් මුණගැසුණු බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. මේ පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවත්, මෙය සත්‍යද අසත්‍යද යන්න ඇන්ජලීනා විසින් සඳහන්කර නොමැති බව නම් පෙනෙන්නට තිබෙන බව කිව යුතුයි. නැවතත් තමන්ගේ ජීවිතයට සතුට පැමිණි බවට ඇන්ජලීනා තම මිතුරන්ට පවසා ඇති බවටද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. මේ කාරණාව පිළිබඳව මේ වනවිට විදෙස් මාධ්‍ය විශාල අවධානයක් යොමුකර ඇති බවද කිවයුතු වෙයි. තනිකඩයෙකු ලෙස කාලය ගත කරනු ලැබූ ජරෙඩ් ලොටෝ මෙවැනි සම්බන්ධතාවයක් සඳහා යොමුවීමට බොහෝ ඉඩකඩ ඇති බවද කියවෙයි. කෙසේවුවත් කිවයුත්තේ නැවතත් ජොලී පෙම්වතියගේ චරිතයට පණ පොවනු ලබන බවයි.