බ්‍රැඩ් පිට්ට විරුද්ධව ජොලී උසාවි යයි
සුපිරි නිලි ඇන්ජලීනා ජොලී සහ ඇගේ හිටපු සැමියා වන හොලිවුඩ් නළු බ්‍රැඩ් පිට් අතර ඇති ගැටුම්කාරී තත්ත්වය තවමත් සමතයකට පත් වී නොමැති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. දික්කසාද වී සිටින මොවුන් දෙදෙනා පිළිබඳ නැවත කතාබහක් ඇතිව තිබෙන්නේ, ජොලී බ්‍රැඩ් පිට්ට කළ චෝදනාවක් නිසාවෙනි. ජොලී පවසන්නේ තමන්ගෙන් දික්කසාද වූ බ්‍රැඩ් තම දරුවන්ගේ යහපත වෙනුවෙන් කිසිවක් නොකරන බවත්, තම දරුවන් පිළිබඳ සොයා බැලීම මගහරින බවත්ය.
මේ හේතුවෙන් බ්‍රැඩ්ගෙන් සාධාරණයක් ඉටුකර ගැනීම සඳහා ඇය පසුගිය සතියේ ලොස් ඇන්ජලීස් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් තිබිණි. බ්‍රැඩ් සහ ජොලී දික්කසාදයේදී ඇති කරගත් එකඟත්වයට අනුව ඔහු යම්කිසි මුදලක් තම දරුවන් වෙනුවෙන් ගෙවීමට එකඟ වූ නමුත්, මේ වනවිට එවැනි කිසිදු මුදලක් ගෙවීමට බ්‍රැඩ් පිට් ඉදිරිපත් නොවූ බවට ජොලී චෝදනා කරයි. කෙසේ වෙතත් ඇන්ජලිනාගේ චෝදනාවලට පිළිතුරු දෙන බ්‍රැඩ්පිට් පවසන්නේ තමන් ඇගෙන් වෙන් වූ දා සිට අද දක්වා ඩොලර් මිලියන 1.3ක් ඇය වෙනුවෙන් ගෙවා ඇති බවයි.