'බ්ලැක් පැන්තර්'ට සම්මාන පිට සම්මාන
හොලිවුඩ් චිත්‍රපට සහ රූපවාහිනී කර්මාන්තය තුළ නිෂ්පාදනය වන නිර්මාණයන් ඇගයීමේ ප්‍රධාන සම්මාන රාත්‍රියක් වන MTV Movie TV Awards පෙරේදා (19දා) ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම සම්මාන රාත්‍රියේදී වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමිකර ගැනීමේ අවස්ථාව උදාවූයේ මෙම වසරේ තිරගත වූ ‘බ්ලැක් පැන්තර්’ චිත්‍රපටය සඳහාය. එහිදී හොඳම චිත්‍රපටය, හොඳම රඟදැක්වීම, හොඳම වීරයා, හොඳම දුෂ්ඨයා වැනි සම්මාන දිනා ගැනීමට ‘බ්ලැක් පැන්තර්’සමත් විය. එහිදී ලබාදුන් සම්මාන මෙහි දැක්වේ.
හොඳම චිත්‍රපටය - බ්ලැක් පැන්තර්
හොඳම රූපවාහිනී කතාමාලාව - ස්ට්‍රේන්ජර් තින්ග්ස්
හොඳම රංගනය - චැඩ්වික් බොස්මන් (බ්ලැක් පැන්තර්)
හොඳම රංගනය (රූපවාහිනී කතාමාලාව) - මිලී බොබී බ්‍රවුන් (ස්ට්‍රේන්ජර් තින්ග්ස්)
හොඳම වීරයා - චැඩ්වික් බොස්මන් (බ්ලැක් පැන්තර්)
හොඳම දුෂ්ඨයා - මයිකල් බී ජොර්ඩන් (බ්ලැක් පැන්තර්)
හොඳම සිපගැනීම - ලව්, සයිමන්
හොඳම බියකරු ඉදිරිපත් කිරීම - නෝහා ස්චැන්ප් (ස්ට්‍රේන්ජර් තින්ග්ස්)
හොඳම හාස්‍ය රංගනය - ටිෆ්ෆනි හැඩිෂ් (ගර්ල් ට්‍රිප්)
හොඳම සටන් චිත්‍රපටය - වොන්ඩර් වුමන් (ගාල් ගැඩොට්)
හොඳම සංගීතය -ලේඩි ගාගා (ෆයිව් ෆුට් ටූ)
හොඳම රියලිටි වැඩසටහන - කීපින්ග් අප් විත් ද කාර්ඩිෂන්