'බහූබලී' තවත් සල්ලි හොයයි
බොක්ස් ඔෆිස් වාර්තා මේ වනවිටද බිඳදමමින් ප්රදර්ශනය වන රාජ්මෞලීගේ ‘බාහූබලි’ දෙවැනි චිත්රපටය සැප්තැම්බර් මාසයේදී චීනයේදීද ප්රදර්ශනය කිරීමට සූදානම්ව සිටියි. ආදායම් උපයා ගැනීම අතින් ඉන්දීය චිත්රපට අතර දෙවැනි තැනට පත්ව සිටින මෙම ‘බාහූබලි’ චිත්රපටය දැනට උපයාගෙන ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 1900කට වඩා වැඩි අගයක පවති.
අමීර් ඛාන්ගේ ‘දංගල්’ චිත්රපටය චීනයේදී ඉන්දීය රුපියල් කෝටි 1000ක ආදායමක් උපයාගන්නට සමත් වීම නිසා රාජ්මෞලී ඇතුළු නිෂ්පාදක කණ්ඩායම එය අනුගමනය කරමින් චීනයේ සිය ‘බාහූබලී’ දෙවැනි චිත්රපටයද ප්රදර්ශනය කිරීමට සැලසුම් කළ බවට තොරතුරු වාර්තා වේ.