බන්සාලිගේ චිත්රපටයට අලුත් නළුනිළියන්
පසුගිය කාලයේ එකම නළුනිළියන් පිරිසක් යොදාගෙන චිත්රපට කිහිපයක්ම නිර්මාණය කළ ප්රකට බොලිවුඩ් සිනමා අධ්යක්ෂක සංජය ලීලා බන්සාලි ඉදිරියේදී නිර්මාණය කරන්නට සැලසුම් කර ඇති ඔහුගේ අලුත්ම චිත්රපටය සඳහා ප්රවීණ හා ජනප්රිය නළුනිළියන් දෙපළක් යොදා ගෙන තිබෙන බව සඳහන් වෙනවා. ඔහුගේ ‘දේවදාස්’ චිත්රපටයේ රඟපෑ ෂාරුක් ඛාන් සහ මේ දිනවල තිරගත වෙන ‘රැන්ගොන්’ චිත්රපටයේ ප්රධාන නිළි චරිතයට පණ පොවන කංගනා රනවුත් බන්සාලිගේ අලුත්ම චිත්රපටයේ ප්රධාන චරිත සඳහා තෝරා ගෙන තිබෙනවා. මේ පිළිබඳව පසුගියදා ඔහු ‘සන්ටා බන්ටා’ වෙබ් අඩවිය හරහා ප්රකාශයට පත් කර තිබුණා.