‘බන්ටි ඕර් බබ්ලි’ දෙවැන්නක්
2005 වසරේ තිරගත වූ බොලිවුඩ් චිත්‍රපට අතර අතිශය ජනප්‍රිය වූ චිත්‍රපටයක් ලෙස ‘බන්ටි ඔර් බබ්ලි’ චිත්‍රපටය හැඳින්විය හැකිය. අභිෂේක් හා අම්තාබ් බච්චන් දෙදෙනා ප්‍රධාන චරිත නිරූපණය කළ මෙම චිත්‍රපටය යශ්රාජ් චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක්ද විය. පසුගිය දෙසැම්බර් 13 වැනිදා යශ්රාජ් චිත්‍රපට සමාගමේ ප්‍රධාන විධායකයා වූ ආදිත්‍ය චොප්රා ‘බන්ටි ඔර් බබ්ලි’ චිත්‍රපටයේ දෙවැන්නක් නිර්මාණය කරන බව නිල වශයෙන් මාධ්‍යයට දැනුම් දී තිබේ.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා ඔහු විසින් තෝරා ගෙන ඇත්තේ සිය බිරිඳ රාණි මුඛර්ජි හා සායිෆ් අලී ඛාන් දෙදෙනාය. ඔවුන් දෙදෙනා චිත්‍රපටයක එකට පෙනී සිටින්නේ වසර 11කට පසුව විම විශේෂත්වයකි. ඔවුන් පෙනී සිටි අවසන් චිත්‍රපටය වූයේද යශ්රාජ් චිත්‍රපටයක් වූ ‘තාරා රම් පම් ‘ චිත්‍රපටයේය.