බදුගෙවන්නන් අතර සල්මන් ඛාන් පෙරමුණේ
පසුගියදා බොලිවුඩයෙන් වාර්තා වූ අන්දමට පසුගිය වසරේ ඉහළම ආදායම් බද්දක් ගෙවා ඇත්තේ සුපිරි නළුසල්මන් ඛාන් විසිනි. 2016-17 මූල්‍ය වර්ෂය සඳහා සල්මන් විසින් ගෙවන ලද බද්ද ඉන්දීය රුපියල් කෝටි 44.5ක් බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. 2015-16 මූල්‍ය වර්ෂයේදී ඔහු ගෙවා ඇත්තේ රුපියල් කෝටි 32.2 ක් පමණයි.
මේ අනුව බොලිවුඩ් සිනමාවේ ඉහළ ආදායම් බදු ගෙවන අමීර් ඛාන්, ආක්ෂේ කුමාර් සහ රිතික් රෝෂන් යන සුපිරි නළුවන් තිදෙනා පරාජය කරමින් සල්මන් පළමු තැනට පත්ව සිටිනවා. ආක්ෂේ කුමාර් 2016-17 වෙනුවෙන් ගෙවා ඇත්තේ රුපියල් කෝටි 29.5ක ආදායම් බද්දක් බවත්, ඔහු ඊට කලින් වසරේදී රුපියල් කෝටි 30ක් බවත් සඳහන් වෙනවා. මේ හේතුවෙන් ඔහු ආදායම් බදු ගෙවන බොලිවුඩ් තරු පරපුරේ දෙවැනි තැනට පත්ව සිටිනවා.
තුන්වැනි තැනට පත්ව සිටින්නේ රිතික් රෝෂන්. ඔහු 2016-17 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ගෙවා ඇති බදු මුදල රුපියල් කෝටි 25.5 ක්. ඔහුඊට කලින් වර්ෂයේ ගෙවා ඇත්තේ රුපියල් කෝටි 14ක් පමණයි. මේ අනුව ඔහුගේ බදු මුදල 74෴කින් වැඩිවී තිබෙනවා. අමීර් ඛාන් සහ රන්බීර් කපූර් මේ ලැයිස්තුවේ සිටින්නේ ඊටත් පහළින්.
සුපිරි නළු අමිතාබ් බච්චන්, ශාරුක් ඛාන් මෙන්ම සුපිරි නිළි ඓශ්වර්යා රායි ගෙවන ආදායම් බදු ප්‍රමාණය මෙතෙක් හෙළි වී නැතැයිද සඳහන්.