'බජිරංගී බහිජාන්' තුන්වැනි තැනට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-13-ent-70

සල්මාන් ඛාන් විසින් 2015 වසරේදී නිෂ්පාදනය කළ ‘බජිරංගි බහිජාන්’ චිත්‍රපටය මේ දිනවල චිනයේ අති සාර්ථකව ප්‍රදර්ශනය වෙමින් පවතින බවට තොරතුරු වාර්තාවේ. දැනට මෙම චිත්‍රපටය ඉන්දීය රූපියල් කෝටි 800කට ආසන්න මුදලක් උපයාගෙන ඇති අතර, එය එදා මෙදාතුර බොලිවුඩ් චිත්‍රපටයක් විසින් උපයාගත් තුන්වැනි හොඳම මුදල් උපයා ගැනීම වේ.

චිනයේ දින 9ක් ගෙවෙද්දි ඉන්දීය රූපියල් කෝටි 157ක මුදලක් උපයා ගැනීමට සමත් වූ මෙම චිත්‍රපටය අමිර් ඛාන් රඟපෑ ‘පිකේ’ චිත්‍රපටය විසින් උපයාගෙන තිබු මුදලද ඉක්මවා යන්නට මේ වනවිට සමත්ව තිබේ. කෙසේ වෙතත්, අමිර් ඛාන්ගේ ‘දංගල්’ හා ‘සික්‍රට් සුපර්ස්ටාර්’ චිත්‍රපටය වැඩිම මුදලක් උපයාගත් බොලිවුඩ් චිත්‍රපට අතර තවමත් මුල් තැතට පත්ව තිබේ.

වාර්තා වන අන්දමට ‘මාවල්’ චිත්‍රපටයක් වූ ’බ්ලැක් පැන්තර්’ චිත්‍රපටය චිනයේ තිරගත වීමත් සමග සල්මාන්ගේ බජිරංගි බහිජාන්’ චිත්‍රපටයට අඩු ප්‍රේක්ෂක අවධානයක් යොමුව තිබෙන බවය.