බච්චන් පාණ්ඩේ’ ලබන වසරට කල් යයි
සුපිරි බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් රංගනයෙන් එක්වන ‘බච්චන් පාණ්ඩේ’ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිම ලබන වසරට කල් ගොස් ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මෙම චිත්‍රපටය ලබන වසරේ ඉන්දීය නිදහස් දිනය යෙදි ඇති ජනවාරි 26 වැනිදා ප්‍රදර්ශනය කිරිමට නියමිතව ඇත.
ආක්ෂේ කුමාර්ට අමතරව, ක්‍රිති ෂැනොන්, ආර්ෂාඩ් වාසි, ජැක්ලින් ෆර්නැන්ඩෙස්, පන්කාජ් ත්‍රිපාටි, ෆාර්තික් බාබ්රා යන නළුනිළියන් මෙහි රංගනයෙන් දායක වෙයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ෆර්හාඩ් සම්ජිය. මෙයි ඉහළ නිෂ්පාදන පිරිවැයක් යොදා නිර්මාණය කර ඇති චිත්‍රපටයක්ද වෙයි.