බච්චන් පවුලට ආරාධනා කරලා නැහැ
ජනවාරි 24 වැනිදා පැවැති වරූන් ධාවන් හා නතාෂා දලාල් දෙදෙනාගේ විවාහ මංගල්‍යය සඳහා බොලිවුඩයේ ජනප්‍රිය තරු රැසකටම ආරාධනා කර නොමැති බව වාර්තා විය. ඒ අතර, බොලිවුඩ් සිනමාවේ සුපිරි තරු රැසක්ම සිටින බච්චන් පවුලද සිටිම විශේෂත්වයකි.
බච්චන් පවුලට අමතරව වරූන් ධාවන්ගේ පියා වූ ඩේවිඩ් ධාවන්ගේ සමිපතමයෙකු වන සිනමා නළු ගෝවින්දාද නොසිටීම පුදුමය දනවන්නකි. ඩේවිඩ් ධාවන් කෝටිපතියෙකු බවට පත් කළ එකම තරුව වුයේද ගෝවින්දාය. කෙසේ වෙතත්, වරූන්ගේ මෙම විවාහ මංගල්‍යය තද ආරක්ෂාවක් යටතේ පවත්වා තිබුණ බව සඳහන් වෙයි.