පොළවේ සිට අහසට ගිය 'තුල්සි'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2017-10-17-ent-26

පසුගිය කාලයේ ශ‍්‍රි ලංකාවේ පේ‍්‍රක්ෂකයන් බොහෝ ආශාවෙන් නැරඹූ මහගෙදර ටෙලි නාට්‍යයේ තුල්සි ගේ චරිතය ර`ග පෑ ස්මිර්ති ඉරානි අද ඉන්දියාවේ ප‍්‍රබල ඇමතිවරියකි. එහෙත් ඇය එතැනට ගියේ මල් ඇතිරූ පාරක් දිගේ නොව රළු ගල්පර බහුල පාරක් දිගේය. ඇයට ඇත්තේ බොහෝ දෙනෙකුට ආදර්ශයක් ගත හැකි ජීවිත කතාවකි.

ස්මිර්ති මල්හෝත‍්‍රා ගේ මවත් පියාත් සංස්කෘතීන් දෙකක දෙදෙනෙකි. ඇගේ පියා පංජාබ් ජාතිකයෙකු වන අතර මව බෙංගාලි ජාතිකයෙකි. ස්මිර්ති ඉපදුණේ 1976 මර්තු 23 දාය. පවුලේ වැඩිමලා වූ ඇයට නැගණියන් දෙදෙනෙකි. ඔවුන්ට නොයෙකුත් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදු වූ අතර දහ වෙනි ශ්‍රේණියෙන් පාසැල් අධ්‍යාපනය නවත්වා දැමූ ස්මිර්ති එක්තරා රූපලාවන්‍ය නිෂ්පාදන පෙළක ප‍්‍රචාරණයට එක් වූවාය. එයින් දිනකට රුපියල් 200 ක් උපයා ගැනීමට ඇයට හැකි වූයේය.

එහෙත් ඇගේ සිත තුළ වූයේ කිසියම් දිනෙක සිනමා ක්ෂේත‍්‍රයට එක් වීමේ ආශාවය. ඇය 1998 දි ඉන්දියා රූ රැුජින තර`ගයට එක් වූයේත් ඒ බලාපොරොත්තුව ඇතිවය. එහෙත් ඉන් ජයග‍්‍රහණය කරන්නට ඇයට පුළුවන් වුයේ නැත. ම`ද කලක් විවිධ රැුකියාවන් කරමින් සිටියත් වාසනාව උර ගා බැලීමට සිතූ ඇය දිල්ලියෙන් පිට වී මුම්බායට පැමිණියාය. එහි මැක්ඩොනල්ඞ් භෝජනාගාරයක සේවය කරන්නට ඇයට අවස්ථාව ලැබිණි. ඒ අතරම ඇය සිනමා ක්ෂේත‍්‍රයේ නොයෙකුත් සම්මුඛ පරීක්ෂණවලට ද පෙනී සිටියාය. එහෙත් ඇයට ක්ෂේත‍්‍රයට එක් වෙන්නට වාසනාව තිබුණේ නැත. 2001 දි ඇය පර්සියන් ජාතික ව්‍යාපාරිකයෙකු වූ සුබින් ඉරානි සම`ග විවාහ වූවාය. මේ විවාහයෙන් ඇයට පුතෙකු හා දියණියක ලැබිණි. දෙදරු මවක් වුවත් ඇය සිනමා ක්ෂේත‍්‍රයට පා තැබීමේ සිහිනයෙන් මිදුණේ නැත.

ජනපි‍්‍රය නිළියක වූ නීලාම් කෙතාරි විසින් මෙහෙයවනු ලැබූ ඕ ලා ලා ලා නම් වු ජනපි‍්‍රය වැඩ සටහනේ එක් අංගයක් මෙහෙයවන්නට ස්මිර්තිට අවස්ථාවක් ලැබුණේ මේ අතරය. ඇය එය මොන තරම් ොහ`දින් කළා ද යත් ජනපි‍්‍රය චිත‍්‍රපටි නිෂ්පාදිකා එක්තා කපූර් ගේ සිත ගැනීමට සමත් වූවාය. ඇය ක්‍යුන්කි සාස් භි කභි භාහු ථි (මහ ගෙදර* නම් ඉහළ ජනපි‍්‍රයත්වයක් දිනූ ටෙලි නාට්‍ය මාලාවේ තුල්සි විරානි බවට පත් වුයේ ඒ අනුවය. එම චරිතය ඇය ඉන්දියාවේ පමණක් නොව නොයෙක් රටවල පේ‍්‍රක්ෂකයන් අතර ජනපි‍්‍රය කළේය. ඇයට සම්මාන ගණනාවක් පමණක් නොව තවත් ටෙලි නාට්‍යවලට ඇරයුම් ද ලැබිණි. ඉනික්බිතිව ආපසු හැරුණේ ඇය නොවේ. ඇය තමාගේම චිත‍්‍රපටි නිෂ්පාදන ආයතනයක් ද ආරම්භ කළාය. 2003 භාරතීය ජනතා පක්ෂයට එක් වූ ඇය ඒ ඔස්සේ දුර ගමනක් ආවාය. මේ වන විට ඇය ඇමති පදවි කිහිපයක්ම දරා තිබේ.

 

2017-10-17-ent-25