පොප් ගායක සයින් මලික් පිය පදවියට
පාකිස්තානු සම්භාවයක් ඇති එහෙත් මේ වනවිට ඇමෙරිකාවේ පුරවැසි භාවය ලබා සිටින පොප් ගායක සයින් මලික් මීට දින කිහිපයකට පෙර පිය පදවිය ලැබීය. 2015 වසරේදී සයින් විවාහ වූ අතර, ඒ බ්‍රිතාන්‍යයේ උපත ලැබු එහෙත්, පාකිස්තානු සම්භාවයක් ඇති මෝස්තර නිරූපිකා ගිගි හයිඩ් සමගය.
ඔවුන් දෙදෙනාට දාව පසුගියදා උපත ලබා තිබුණේ පිරිමි දරුවෙකු වන අතර, ඔහුගේ නම මෙම ප්‍රවත ලියන විටදී ප්‍රසිද්ධ කර නොතිබුණි. පසුගිය දිනවලදී ගිගි, මාස නමයක ගැබිණියක් ලෙස ගත් ඡායාරූප රැසක් අන්තර්ජාලයේ විවිධ සමාජජාලා අතර හුවමාරු වු අතර, එය බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ ඡායාරූප එකතුවක්ද වී තිබුණි.