පොදු රාජ්‍ය මණ්ඩලීය මල්ලවපොර ශූරීය ‘දන්ගල්’ ගැන කතා කරයි
මෙවර ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්තේ දන්ගල් චිත්‍රපටයයි. ඊට පාදක වූයේ 2010 වසරේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී ඉන්දියාව නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් මල්ලවපොර කාන්තා රන් පදක්කම දිනූ ගීතා පෝගට් සහ කිලෝග්‍රෑම් 51 බර පන්තියෙන් රිදී පදක්කම දිනූ බාබිතා කුමාරි පුහුණු කළ ඇගේ පියා පිළිබඳ කතා පුවතයි. එබැවින් චිත්‍රපට සම්මානයෙන් අනතුරුව සැබෑ මල්ලවපොර ක්‍රීඩිකා ගීතා සමගින් සම්මුඛ සාකච්ඡාවක යෙදීමට ෆිල්ම්ෆෙයාර් සඟරාවට හැකියාව ලැබිණි. මේ ඒ ඇසුරින් තබන සටහනකි.
ඔබටත් ‘දන්ගල්’ නරඹන්නඅවස්ථාවලැබුණාද? කොහොමදඔබේපවුලේ ප්‍රතිචාරය ?
ඒ චිත්රපටයඅපි හුඟක් රසවින්දා. චිත්‍රපටය නරඹද්දි හුඟක් හැඟීම්බර වුණා. ඇත්තටම අමීර් ඛාන් සහ ඔහුගේ දියණියන් සිවුදෙනා ලෙස රඟපෑ සයිරා වසීම්, සුහානි භාත්නගර්, ෆාතිමා සානා ෂයික් සහ සාන්යා මල්හෝත්‍රා අති විශිෂ්ට දායකත්වයක් මේ චිත්‍රපටය වෙනුවෙන් දී තිබෙනවා. ඒ බව කිව යුතුමයි. අපි මේ චිත්‍රපටය නරඹද්දි අපේ අතීතයට ඉබේම ගියා. අපට දැනුණෙ අපේ ජීවිතේ අපේ ඉස්සරහම ධාවනය වෙනවා වැනි හැඟීමක්.
ඒ දැනුණු සමීපත්වය අගයක් විදිහට දක්වන්න කිව්වොත්?
99% ක්ම සැබෑවක් විදිහට අපේ ජීවිතය චිත්‍රපටයට පරිවර්තනය කර තිබෙන බව දැනුණා. ඒ ගැන කිසිදු ප්රශ්නකාරී හැඟීමක් මට නැහැ. ඒ නිසා චිත්‍රපටය ගැන කිසිදු ප්‍රශ්නයක් නැරඹූ මට දැනුණේ නැහැ.
‘දන්ගල්’ චිත්‍රපටයේ පෙන්වන ආකාරයට මහාවීර් පෝගට්ගේ චරිතයේ ඉන්නෙපවුලේ ඉතා දැඩි පාලනයක් ගෙනගිය තාත්තා කෙනෙක්. ඇත්තටම ඔබේ පියා ඒ වගේද ?
ඔව්. ඔහු චිත්‍රපටයේ එන චරිතයටත් වඩා රළුයි. සංකීර්ණයි, සැර පරුෂ ගුරුවරයෙක්.
ඔබේ සුරතල් ළමා කාලය මතකද?
අනිවාර්යයෙන්ම ඔව්. විශේෂයෙන්ම මාව වසර පහක් හයක් පුහුණු කළ ළමා කාලය කොහොමවත් අමතක කරන්න බැහැ. ඒක හරිම අමාරු කාලයක්. අපට ග්‍රීෂ්ම කාලය හෝ ශීත කාලය ගැන නොතකා හුඟක් මහන්සිවෙලා වැඩ කරන්න තිබුණා. අපේ තාත්තා පාන්දර 3.30ට අපට කූද්දලයි පුහුණුවීම් ආරම්භ කළේ. අපට පැය තුනක් පුහුණුවෙන්න තිබුණා. ඉන්පස්සේ ඉස්කෝලෙ ගිහින් ඇවිත් ආයෙමත් හවසත් පැය දෙකක් තුනක් පුහුණුවීම් තිබුණා. ඒ නිසා ඉස්කෝලේ ගියත් අපේ හිතේ ක්‍රියාත්මක වුණේ හවස පුහුණුවීම් ගැන. ඉන්පස්සේ දවස අවසානයේ අපි හිතුවෙ ඊළඟ දවසේ අතිශය වෙහෙසකර අත්දැකීමයි,එයින් ගැලවෙන්නේ කොහොමද කියන එක ගැනයි. පුහුණුවීම් කරද්දී හැමවෙලාවෙම අපි හිතුවෙ විවේකයක් ගන්න පුළුවන්ද බලන්නයි. තාත්තා එතකොට ඒ ගැන කිව්වම අපට බනිනවා.“ඉගෙනීම මගහැරලා විවේක කාලවලට මුල්තැන දුන්නොත් කවදාවත් තමන්ගේ ඉලක්කවලට යන්න බැහැ* කිව්වා.
බොලිවුඩ් නළු අමීර් ඛාන් සහ අධ්යක්ෂ නිතේෂ් තිවාරි ගැන ඔබට මොකද කියන්න තියෙන්නේ ?
චිත්‍රපටය නිර්මාණය කිරීමටත් පෙර අපි දෙතුන් වතාවක් අමීර් සර්ව මුණගැහුණා. අපි මුලින්ම අමීර් සර්ව මුණගැහුණෙ’සත්යමේ ජයතේ’ චිත්රපටයෙදියි. ඉන්පස්සෙ ‘දන්ගල්’ චිත්රපටයරූගතකරනඅවස්ථාවේහමුවුණා. මගේ දෙමාපියොයි, සහෝදරියොයිඅමීර් සර් එක්ක පැය ගාණක් කතා කළා. ඔහු හොඳ මනුස්සයෙක්. අපිව හොඳින් හසුකරගත්තා.අනික ඔහු අපේ පවුලට හුඟක් ගරු කළා. කිරන් මැඩමුත් (අමීර් ඛාන්ගේ බිරිඳ) එහෙමයි. අපටහරිම ආදරෙන් සැලකුවා. ඒ නිසා ඒ සම්බන්ධතාව සහ බැඳීම අද පුදුමාකාර විදිහට අපි බෙදාගන්නවා. අමීර් සර් මගේ මංගලෝත්සවයට ආවා නම් අපේ පවුලේ සතුටුම දවස එය වෙන්න තිබුණා. එය තමයි අපේ සම්බන්ධතාවේ හොඳම ප්‍රතිඵලය වෙන්න තිබුණේ.
ඒ කියන්නෙ ඔබ ඔහුව මංගලෝත්සවයේදී අපේක්ෂා කළා ?
මට විශ්වාසයක් තිබුණේ නැහැ. ඒත් ඔහු ඒ මොහොතේ කාර්යබහුල නැත්නම් අනිවාර්යයෙන්ම පැමිණේවි කියලා මම දැනගෙන හිටියා. අනික අමීර් සර් ඒ දවස්වල’දන්ගල්’ චිත්‍රපටයේ ප්‍රචාරණ වැඩ කටයුතුවල නියැළිලයි හිටියේ. ඒත් පුදුමයකට වගේ අමීර් සර්ගේ කණ්ඩායම අපට දැනුම්දුන්නා ඔහු අනිවාර්යයෙන්ම මංගලෝත්සවයට සහභාගිවෙන්න කැමැත්තෙන් හිටියා කියලා. අපි හුඟක් සතුටුවුණා එයින්.
මොකක්ද ඔබේ ජීවිතයේ අසීරුම මොහොත ?
මුල් වසර පහ හයක කාලයක මල්ලවපොර ක්‍රීඩාවේ කළ පුහුණුවීම් තමයි මට අසීරුම. වෙනත් විදියකින් කිව්වොත් හුඟක් කැපවුණු මගේ ළමා කාලය. අපේ තාත්තාගේ කැපවීම අපේ ජීවිත ආශ්චර්යමත් කළා. ඒ වගේම ජීවිතය ගත කිරීම කොතරම් අසීරුද යන්නත් අපට උගැන්නුවා ළමා කාලයේදිම.
කොයි මොහොතේද තමන්ගේ මහන්සියේ ප්‍රතිඵලවලට වටිනාකමක් ඇවිත් කියලා තේරුණේ ?
2010 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී තමයි මට එහෙම හිතුණේ. එදා මට මගේ වෙහෙසකර අතීතයට වටිනාකමක් ඇවිත් කියලා තේරුණා. ජීවිතයට හොඳ අඩිතාලමක් සකස් කරගන්න එදා මට හැකියාව ලැබුණා. ඒත් ඒ වෙද්දිත් මම ආසියානු රන් පදක්කම දිනාගෙනයි හිටියේ. ඒත් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය කියන්නේ ඊට වඩා විශාල ගනුදෙනුවක්.
තාත්තාගේ ප්‍රතිචාර කොහොමද ?
චිත්‍රපටය ගැනතාත්තා සතුටුයි.චිත්රපටයටඔහු කැමතියි. ඒත් ඔහුට පුදුමයි අමීර් ඛාන් තමන්ගේ බර වැඩි කරගත් ආකාරය ගැන. ඔහු විතරක් නෙමෙයි, ඒ ගැන අපටත් පුදුමයි. අමීර් සර් හුඟක් කැපවෙලා ඒ චරිතය වෙනුවෙන් මහන්සි වුණා. අපේ තාත්තා කිව්වෙත් මේ වගේ කැපවෙලා කටයුතු කරන කිසිදු නළුවෙකු ඔහු දන්නා ඉතිහාසයේ ඉඳලා නැහැ කියලයි.
මොකක්ද ඔබට කුඩා ගැහැනු ළමයින්ට දෙන්න තියෙන පණිවුඩය ?
කවදාවත් තමන් දුර්වලයි කියලා හිතන්න එපා. තමන්ට කාගෙන්වත් උදව්වක් නැහැ කියලා හිතන්නත් එපා. උදව්වක් නැති වුණත් ඒ ගැන වදවෙන්න එපා. තමන් ශක්තිමත් වුණොත් කාටවත් ඔබව නවත්තන්න බැහැ. ඔබේ ජයග්‍රහණය වළක්වන්න බැහැ. ඔබ මුලින් හිතින් ශක්තිමත් වෙන්න.
ඔබ ඇත්තටම කුඩා කාලයේදී පිරිමි ළමයින්ව පරාජයට පත් කරලා තියෙනවාද ?
ඔව්. අපි පුහුණුවුණේ මගේ අසල්වැසි පිරිමි ළමයින් එක්ක. මොකද ඒ කාලේ මේ ක්‍රීඩාවට කිසිදු ගැහැනු ළමයෙක් ඉදිරිපත්වෙලා හිටියේ නැහැ. ඒ නිසා ඒ කාලෙ හැමදාම අපි දවස නිමා කළේ පිරිමි ළමයි එක්ක රණ්ඩු කරලා ගහගෙන. ඒ නිසා වෙන්න ඇති අපේ තාත්තා තීරණය කළේ අපිව භයානක මල්ලවපොර ශූරියන් බවට පත් කරන්න.
ඔබේ සැමියා චිත්‍රපටය ගැන මොකද හිතන්නේ ?
චිත්‍රපටය නැරඹුවායින් පසු ඔහු කිව්වේ අපි සාර්ථක විවාහ ජීවිතයක් වෙනුවෙන් අද පටන් ඉලක්ක ජයගත යුතුයි කියලයි. ඒත් ඊට පෙර ඔහුට අපේ අරගලය හෝ කැපවීම ගැන අදහසක් තිබුණේ නැහැ.
මාලන් විදානපතිරණ