පොත්වලට අකැමැති අනිල් කපූර්
දරු තිදෙනෙකු ගේ පියෙකු වන අනිල් කපූර් හැ`දින්වෙන්නේ බොලිවුඩයේ සිටින සෞඛ්‍ය සම්පන්නම පියවරුන්ගෙන් කෙනෙකු ලෙසිනි. ඔහුගේ වැඩිමහලූ දියණිය සෝනාම් කපූර් ගේ විවාහ මංගල්‍යයේදී ඒ බව හො`දටම සනාථ වූයේය. ඔහු අමුත්තන් පිළි ගැනීම ඇතුළු වැඩ කටයුතුවලට එහෙමෙහෙ දිව්වේය. සාදයේදී පැය ගණනාවක් නැටුවේය. එහෙත් ඔහු වෙහෙසට පත් වු බවක් පෙනෙන්නට නොතිබිණි.
සෝනම් කපූර් එක් දෙයකින් හැර අනෙක් හැම අතින්ම සිය පියාට සමාන දියණියකි. ඇය පොත්පත් කියවන්නට ඉතා පි‍්‍රය කරන්නීය. අනිල් කපූර් එහි අනෙක් පැත්තය.
‘‘මම මං ගැන ලියලා තියෙන දෙයක්වත් කියවන්න කම්මැලියි..’’ ඔහු කියන්නේය.
පසු ගිය කාලයේ ලේඛකයෙක් අනිල්ගේ ජීවිත කතාව ලිව්වේය. එය ලියන්නට ලේඛකයාට බොහෝ කලක් ගත වූයේ අනිල් ගේ කුඩා කාලයේ තොරතුරු සොයා ගන්නට ප‍්‍රමාද වූ බැවිනි.
‘‘එච්චර මහන්සියෙන් ලිව්ව පොත අනිල් තවමත් කියවලා නෑ..’’ ලේඛකයා මැසිවිලි න`ගන්නේය.
‘‘මට වෙලාවක් තිබුණෙ නෑ කියවන්න..’’
අනිල් කියන්නේ සිය කම්මැලිකම ගැන ස`දහන් කරන්නේ නැතිවය.