පෙරළියකට සැරසෙන් ජැකීගේ පුතා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-25-ent-110

ඉන්දියානු සිනමාවේ ප්‍රවීණයෙකු වන ජැකී ෂ්රොෆ්ගේ පුතු ටයිගර් ෂ්රොෆ් මේ වනවිට ඉන්දියානු සිනමාවට පිවිස තිබේ. පසුගිය කාලයේ ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක්ද තිරගත විය. සටන් නළුවෙකු ලෙස බොහෝ චිත්‍රපටවල ඔහු දැකගැනීමට හැකිවූයේ ඔහු සැබෑ ජීවිතයේද දක්ෂ සටන්කරුවෙකු වන නිසාවෙනි. ආත්මාරක්ෂක සටන් ක්‍රීඩාව තුළ කළුපටිධාරියෙකුවන ඔහු චීන සටන් ශිල්පය පිළිබඳ හදාරයි. මේ කාරණාව හේතුවෙන් මේ වසරේ ඔහු රංගනයෙන් දායක වන චිත්‍රපටයක් තිරගත වීමට නියමිතව තිබේ. ඒ ‘භාගී’ දෙවැන්නයි. මෙම චිත්‍රපටය සඳමහා ඔහු සිය ශරීරය වෙනුවෙන් බොහෝ කාලයක් වැය කරමින් වෙහෙස මහන්සි වන බව ඉන්දියානු පුවත් වාර්තා කරයි. ඔහුගේ ශරීරයේ විශාල වෙනස්කමක් දැකීමට හැකියාව ලැබීම හේතුවෙන් මෙම චිත්‍රපටය ගැන බොහෝ දෙනා බලා සිටින බවද වැඩිදුරටත් සඳහන් වෙයි.

 

2018-01-25-ent-106  2018-01-25-ent-109 2018-01-25-ent-108 2018-01-25-ent-107