පෙර පාසල් යන සනී ලියොන්
සිත් ඇදගන්නා සුළු සිනමා නිළියක් ලෙස වර්තමානයේ ප්‍රසිද්ධව සිටින සනී ලියොන් පසුගිය දින කිහිපයේදීම මුම්බායිහි ප්‍රකට ළදරු පෙර පාසැලක සිය දරුවන් සමග සිටින ඡායාරූප කිහිපයක් පැපරාසි කැමරා කාචයට හසුව ඇත. කෙතරම් කාර්යබහුල රංගන ශිල්පිනියක් වුවද ඇය සිය දරුවන් තිදෙනා වූ නිශා, අශර් හා නෝවා වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන බව ඇය සිය ‘ටිවිටර්’ ගිණුම හරහා කිහිප වතාවක් සිය රසික පිරිස් දැනුම්වත් කර තිබුණී. ඇය පසුගිය දිනවල ක්‍රිති ෂැනොන් හා දිල්ජිත් දොසන්ජි රංගනයෙන් දායක වෙන ‘අර්ජුන් පටියාලා’ චිත්‍රපටයේ ගීතමය ජවනිකාවක් සඳහා පෙනි සිටි බව සඳහන් වේ.