පෙම්වතෙකු නැති කියාරා අද්වානි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-61

‘කබීර් සිං’ චිත්‍රපටය තුළින් අතිශය ජනප්‍රිය ජනප්‍රිය යොවුන් සිනමා නිළි කියාරා අද්වානි පසුගියදා සහභාගි වු සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ තමන් දැන් තනිකඩ ජිවීතයක් ගත කරමින් සිටින බවය. කුමන හෝ හේතුවක් මත ඇය දැන් ප්‍රේම සම්බන්ධයක් නොපවත්වන අතර, ඇයගෙන් කළ විමසීමකදි ඇය පවසා තිබුණේ ආදරය කිරිමි සිත් රිදවන්නක් බවය.

තමන්ගේ අතිතය අමතක කොට අනාගතයට හොඳින් මුහුණදීමට සූදානමින් සිටින කියාරා ඉදිරියේදී වැඩි අවධානයක් තමන් දායක වූ සිනමා නිර්මාණ කෙරෙහි යොදාවන බව ඇය පවසා සිටියි. කියාරා රංගනයෙන් දායක වන චිත්‍රපට බොහෝමයක් ඉදිරියේදී ප්‍රදර්ශනය වීමට නියමිත අතර, මේ දිනවල ඇය දායක වූ ‘ගුඩ් නිවුස්’ චිත්‍රපටය අති සාර්ථකව ප්‍රදර්ශනය වෙමින් පවති.