පෙබරවාරියේ තිරගත වෙන අත්භූත චිත්‍රපටයක්
පෙබරවාරි මාසයේ හොලිවුඩයේ ප්‍රදර්ශනය වන පළමු අත්භූත චිත්‍රපටය වන්නේ වෙරෝනිකා ෆෙර්න්ස්ගේ ‘ද ලෝජ්’ චිත්‍රපටය පෙබරවාරි 07 වැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. ළමා කාලේ සිට යම් මානසිකත්වයකින් පෙළෙන ‘ග්‍රේසි’ සිය සිය සැමියාගේ පළමු විවාහයේ දරුවන් වන ‘ඇලඩින්’ හා ‘මීයා’ දෙදෙනා සමග අලුත් නවාතැන් පොළකට යයි. එම නවාතැන තුළ සිදුවන අත්භූත සිදුවීම් රැසකට ග්‍රේස් හා දරුවන් මුහුණ දෙන අතර, එයට ග්‍රේසිට කුඩා කාලයේ සිට ඇතිවු තිබු මානසික පෙළෙඹවීමද උපයෝගි වෙයි. ඩැනියෙලා රිලි, ජාබෙන් මාර්ටිල්, ලියා මැක්හක්, ඇලිෂියා සිල්වෙස්ටර්ලෝන් මෙහි රංගනයෙන් දායක වන අතර, අලිසා ජෙම්ස්ගේ නිෂ්පාදනයක් වෙයි.