පෙබරවාරි මාසයේ දිග හැරෙන තවත් අත්භූත චිත්‍රපටයක්
පෙබරවාරි මාසයේ දිග හැරෙන තවත් අත්භූත හොලිවුඩ් චිත්‍රපටයක් ලෙස ‘ෆැන්ටසි අයිලන්ඩ්’ හැඳින්වීමට පුළුවනය. මිනිස් ග්‍රහණයෙන් තොර රහසිගත දූපතකට විනෝදවන්නට එක්වෙන තරුණ පිරිසකට සිදුවන අත්භුත ආත්මයක් වටා මෙහි කතාව ගෙති ඇත. මයිකල් ඇන්තෝනියෝ හා මාගට් ඩැනිෂ් මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවන අතර, ලුසී හේලී, ඔස්ටින් ස්ට්‍රොවෙල්, ජිමී ඒ යංග්, රයන් හැන්සන්, මයිකල් රෝකර් මෙහි සෙසු චරිත සඳහා එක්ව සිටියි. ජෙෆ් වුඩ්ලෝ විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම ‘ෆැන්ටසී අයිලන්ඩ්’ චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 07ක් වැනි අඩු නිෂ්පාදන පිරිවැයකින් නිර්මාණය කර තිබේ. පෙබරවාරි 14 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිත මෙම චිත්‍රපටය ‘සෝනි පිකචර්ස්’ සමාගමේ බෙදාහැරීමක් වෙයි.