පෙනුම වෙනස් කරගත් ෂාරුක් ඛාන්
බොලිවුඩයේ ‘කිං ඛාන්’ ලෙස හඳුන්වන ෂාරුක් ඛාන් මේ දිනවල සිය අලුත්ම චිත්රපටය වූ ‘පතාන්’හි රූපගත කිරිම් කටයුතු සඳහා එක්ව සිටින බව වාර්තා වෙයි. මෙම රූපගත කිරිම් ඉන්දියාවේ මුම්බායි හි පිහිටි ‘යශ්රාජ්’ කලාගාරයේ සිදුවන බව වාර්තා වෙයි.
2018 වසරේ තිරගත වූ ‘සීරෝ’ චිත්රපටයෙන් පසුව සිනමා නිර්මාණයක් සඳහා දායක වෙන ෂාරුක් සිය අලුත්ම චිත්රපටයේ වෙනස්ම මුහුණුවරකින් සිය ප්රේක්ෂයන් අතරට පැමිණිමට බලාපොරොත්තු වෙයි. මෙම රූපගත කිරිම් අතරතුරදී ගත් අහඹු ඡායාරූපයකදී දක්නට ලැබුණේ ෂාරුක් කොණ්ඩය වවාගත් මැරයෙකුගේ පෙනුමක් මෙම චිත්රපටය තුළ නිරූපණය කරන බවය.