පූජාගේ සමාජ ගිණුම් සියල්ලට ‘හැක්’ කරයි
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන පූජා හෙඩින්ග් සතු සියලු සමාජජාල ගිණුම් ‘හැක්’ කර තිබෙන පුවතක් වාර්තා වේ. පසුගිය කාලයේ ඇයගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම ‘හැක්’ කර තිබුණ අතර, ඇය ඒ සඳහා සිය රසික, රසිකාවියන් පසුව දැනුම්වත්ද කර තිබුණි.
කෙසේ වෙතෙත්, මේ වනවිට ඇයගේ අනෙකුත් සමාජ ගිණුම්වලටද ‘මෙම ‘හැක්’ ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඇය පවසන්නේ ඉතා ඉක්මණින් මෙය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තම ඩිජිටල් කණ්ඩායමට හැකිවනු ඇති බවය. එමෙන්ම තමන් දැනුම් දෙනතුරු තමා නමින් ඇති සමාජජාල ගිණුම් තුළින් ලැබෙන ආරාධනා මුදල් ගනුදෙනු ප්‍රතික්ෂේප කරන ලෙස ඇය සිය රසික, රසිකාවියන්ගෙන් ඉල්ලා සිටියි.