පූජාගේ වාසනාව උදා වෙලා
ජනප්රිය ඉන්දීය සිනමා නිළි පූජා හෙඩින්ජ් මේ වනවිට බොලිවුඩ්, කොලිවුඩ් සිනමා කාර්මාන්ත දෙකටම නැතුවම බැරි සිනමා නිළියක් බවට පත්ව සිටියි. පසුගිය කාලයේ හොලිවුඩ් සිනමාව තුළ නිරන්තරයෙන්ම දකින්නට ලැබුණ පූජා මේ වනවිට නැවතත් කොලිවුඩ් සිනමාවට එක්වීමට සූදානමින් සිටියි.
ඒ ප්රකට දකුණු ඉන්දීය සිනමා නිර්මාණකරුවෙක් වූ බාස්කර්ගේ ‘මොස්ට් බැචලර්’ චිත්රපටය හරහාය. එහි ඇය පෙනී සිටින්නේ නාගර්ජූන්ගේ බාල පුත් අකිල් අක්කානි සමගය. එමෙන්ම මේ දිනවල පූජා ‘බාහූබලි’ නළු ප්රභාහස් සමගින් චිත්රපටයක රූපගත කිරිම් කටයුතුවලටද එක්ව සිටින බව සඳහන් වේ.