පූජා බාත්‍රා නැවතත් විවාහ වෙලා
2000 දශකයේ අතිශය ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන පූජා භාත්‍රාපසුගියදා නැවත වරක් විවාහ වී තිබේ. ඒ හින්දි සිනමා නළුවෙකු වන නවාබ් ෂා සමගය. ‘මිස් ඉන්දියා’ කිරූළ හිමි කරගෙන ඉන්දීය සිනමාවට එක්වූ පූජා අතිශය ජනප්‍රිය බොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රඟපා තිබුණි. ඇය අවසන් වරට චිත්‍රපටයක දකින්නට ලැබුණේ 2017 වසරේ තිරගත වූ ‘මිරර් ගේම්’ චිත්‍රපටයේය.
පූජා පළමු වරට විවාහ වූයේ 2002 වසරේ වන අතර, ඒ සෝනු අලුවාලියා සමගය. ඔහු ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරයෙකුද වේ. පූජා හා සෝනුගේ විවාහය 2002 වසරේ සිදු වු අතර, 2011 වසරේදී ඔවුන් දෙදෙනා නිතීයෙන් වෙන් විය. වසර කිහිපයක් තනිකඩව සිටි පූජා නැවතත් පසුගිය ජූලි 15 වැනිදා නවාබ් ෂා සමගින් විවාහ විය.