පූජා දමිළ සිනමාවට පමණක් සිමා වෙයි
‘මොහොන්ජෝ දාරෝ’ චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට එක්වු පූජා හෙජ්ඩ් මේ වනවිට දකුණු ඉන්දීය චිත්‍රපට කිහිපයක් සඳහා එක්ව සිටින බව සඳහන් වෙනවා. ඇය මේ වසරේ මැයි මස 17 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිත ‘ඩුවඩ්ඩා ජග්නිදම්’ තෙළෙඟු චිත්‍රපටයේ අල්ලු අර්ජුන් සමගින් ඇය රංගනයෙන් දායක වන අතර, තවත් තෙලෙඟු හා දමිළ චිත්‍රපට කිහිපයකින් ඇය මේ වසරේදී සිය රසික පිරිස් මුණගැසීමට සූදානමින් සිටිනවා.
සිනමා විචාරකයන් පවසන්නේ, පූජා ‘මොහොන්ජෝ දරෝ’ චිත්‍රපටය තුළින් හොඳම නවක නිළිය ලෙස සම්මාන දිනාගත්තද ඇයට බොලිවුඩ් සිනමාව තුළ මේ වනවිට ස්ථාවර තැනක් හිමිව නොමැති බවයි. එමෙන්ම ඇය දකුණු ඉන්දීය සිනමාවට දැනට වැඩි තැනක් ලබාදී ඇති හෙයින් බොහෝ විට ඇයට බොලිවුඩ් චිත්‍රපට අහිමිවීමේ අවදානමක්ද ඇති බව සිනමා විචාරකයන් මත පළ කරනවා.