පුරවැසි පනතට එරෙහි විරෝධතාවලට බොලිවුඩ් තරු සහාය දෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-263

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ නව නීතියට එරෙහිව ඉන්දියාව පුරා පවත්වන විරෝධතාවලට බොලිවුඩ් රංගන ශිල්පින්, ශිල්පිනියන් කිහිප දෙනෙක් ද සිය සහාය පළ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

දිල්ලිය, උත්තර් ප්‍රදේශය සහ කර්ණාටක ප්‍රාන්තයේ ස්ථාන කිහිපයකම අනවසර ඒකරාශීවීම් වළක්වමින් තහනමක් පැනවීමට ද ඉන්දීය රජය පසුගියදා (19) කටයුතු කර ඇති අතර ප්‍රදේශ කිහිපයකම සිය ගණනක් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. එසේම අන්තර්ජාල සේවා අවහිර කිරීම් පුළුල් කිරීමට ද කටයුතු කර ඇත.

පසුගිය දිනවල මුම්බායි හි පැවැත්වූ උද්ඝෝෂණ සඳහා බොලිවුඩ් නළු ෆර්හාන් අක්තර් සහ සිද්ධාර්ත් සූර්යනාරායන් එක්වී සිටිනු එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.

එසේම විවිධ හේතු නිසා උද්ඝෝෂණවලට සහභාගී වීමට නොහැකි වූ දියා මිර්සා, අස්මි ශබානා, අනුරාග් කාශ්‍යප්, ශබානා අස්මි සහ අනුබව් සිංහා පුරවැසි පනතට එරෙහි විරෝධතාවලට සහය පළ කරමින් ට්විටර් පණිවිඩ නිකුත් කර ඇත.

ප්‍රවීන කොලිවුඩ් නළු කමල් හසන් ද මෙම විරෝධතාවලට සහය දක්වමින් පෙරමුණට පැමිණියේ ය.

කලාපයේ මුස්ලිම් බහුතරයක් ඇති ප්‍රධාන රටවල් තුනවන පකිස්ථානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානයේ සිට පැමිණි මුස්ලිම් නොවන සංක්‍රමණිකයන්ට ඉන්දියාවේ පුරවැසිභාවය ලබාගැනීමට මෙම නව පනත මගින් අවස්ථාව සැලසේ.