පුතාගේ චිත්‍රපටයට එන තාත්තා
මේ වසරේ මැද භාගයේදී ප්‍රදර්ශනය වීමට නියමිත ‘බාගි’ තුන්වැනි චිත්‍රපටය සඳහා ජැකී ෂෙරොෆ් රංගනයෙන් එක්වෙන බව එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන සජිද් නදිඩ්වාලා පසුගියදා මාධ්‍යය ඉදිරියේ නිල වශයෙන් පවසා තිබේ. ජැකි සිය පුත් ටයිගර් ෂෙරොෆ් සමග චිත්‍රපටය පෙනී සිටින පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. ‘බාගි’ පළමු හා දෙවැනි චිත්‍රපට අති සාර්ථක වීම හේතුවෙන් මෙහි තුන්වැන්න මේ වනවිට නිර්මාණය කරමින් සිටින අතර, ටයිර් ෂෙරොෆ් හා ‘බාගි’ පළමු චිත්‍රපටයේ රඟපෑ ශ්‍රද්ධා කපූර් මෙහි ප්‍රධාන නළුනිළි චරිත සඳහා එක්ව සිටියි.