පුජා නිව්යෝර්ක් සංචාරයක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-07-08-ent-292

‘මහේන්ජෝ දාරෝ’ බොලිවුඩ් චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පැමිණි පූජා හෙඩින්ජ් මේ වනවිට දකුණු ඉන්දීය චිත්‍රපට සඳහා වැඩි දායකත්වයක් ලබාදෙන නිළීයක් බවට පත්ව සිටියි. ඉන්දීය රුපියල් කෝටි 168ක ආදායමක් උපයාගත් ‘මහරෂි’ චිත්‍රපටයේ මහේෂ් බාබු සමින් රංගනයේද යෙදුණේ පූජාය. මෙම චිත්‍රපටයට අමතරව ඇයගේ තවත් චිත්‍රපට කිහිපයක්ම මේ වසරේදී ප්‍රදර්ශනය වීමට නියමිතව තිබේ.

කාර්යබහුල නිළියක්ව සිටි ඇය මේ වනවිට කෙටි නිවාඩුවක් ගත කිරීමට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට ගොස් තිබේ. එහෙත්, ඇයගේ ‘ටිවිටර්’ ගිණුමේ සඳහන් කොට ඇත්තේ නිව්යෝර්ක් ගමනද රූපගත කිරිම් කටයුත්තක් සඳහා පැමිණි බවය. ‘හවුස්ෆුල්’ සිවුවැනි චිත්‍රපටයේද රංගනයෙන් දායක වෙන ඇය නිව්යෝර්ක් නගරය සඳහා පැමිණ ඇත්තේද එහි අවසන් රූපගත කිරිම් සඳහා සහභාගි වීම සඳහාද යන්න බොහෝ දෙනෙකුට පැණයක් නැගි ඇත.

 

2019-07-08-ent-291