පුංචි තිරේ නිතර දකින අජේ
පසුගිය වසරේ තිරගත වු ‘ශිවායි’ චිත්රපටයෙන් පසුව මේ දක්වා බොලිවුඩ් චිත්රපටය දකින්නට නොලැබුණ අජේ දේව්ගන් මේ දිනවල වැඩිපුර සැටලයිට් රූපවාහිනි නාළිකාවල නිතර දකින්නට ලැබෙනවා. ඒ ඔහු පෙනී සිටින වෙළෙඳ දැන්වීම් කිහිපයක් හරහායි. කාලයක් වෙළෙඳ දැන්වීම්වලට රංගනයෙන් දායකවීමට ප්රතික්ෂේප කර තිබු ඔහු මේ වනවිට වැඩිපුරම එවැනි වෙළෙඳ නිර්මාණවල පෙනී සිටින කතා බහට ලක්ව තිබෙනවා. ‘ශීවායි’ චිත්රපටයෙන් පසුව අජේ යළිත් බොලිවුඩ් සිනමා ලෝලීන් මුණගැසීමට සූදානමින් සිටින්නේ ‘බද්ශා’ චිත්රපටයෙනි. චිත්රපටය සැප්තැම්බර් 01 වැනිදා ප්රදර්ශනය කිරීමට නියමිතයි.