පුංචි තිරයේ 'මායා මල්හෝත‍්‍රා' වූ ඉන්දියාවේ ජෙනිෆර්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2018-08-25-ent-73

විලාසිතා සඟරාවක අයිතිකාරියක ලෙස කටයුතු කරන මායා මල්හෝත‍්‍රා බොහෝ සැර පරුෂ ගති ගුණ ඇති තරුණියකි. ඇය බොහෝ සුන්දරය. එහෙත් ඇය කිසිවෙකු එතරම් ගණනකට ගන්නේ නැත. ඇයගේ මතය හැර වෙනත් කිසිවෙකුගේ මතයකට හිස නමන්නේත් නැත. එහෙත් ඇගේ මේ සියලූ ගති ගුණ වෙනස් වී යන්නේ ඇගේ කාර්යාලයේ සේවයට පැමිණි ඡුායාරූප ශිල්පියෙකු නිසාය. ඔහු අර්ජුන් ය. ඇයට මානසික ආබාධයක් ඇති බව ඔහු දැන ගන්නේ පසුවය.2018-08-25-ent-74

මේ සියලූ සිදුවීම් ඇත්තේ ‘බෙයාද්’ නමින් ඉන්දියාවේ විකාශය වන ටෙලි නාට්‍ය මාලාවකය. එය මෙරට විකාශය වන්නේ ‘ඔබත් මමත් ඇයත්’නමිනි. මෙහි මායා මල්හෝත‍්‍රා ලෙසින් රඟපාන්නේ ‘ජෙනිෆර් වින්ගේට්ස්’ ය. බටහිර පන්නයේ නමක් තිබුණත් ඇය බටහිර නිළියක් නොවේ. ඇගේ මව පන්ජාබිය. පියා මහරාෂ්ට÷‍්‍රයේ කි‍්‍රස්තියානි ජාතිකයෙකි. ඇයට වැඩිමහලූ සොහොයුරෙකු හා බාල සොහොයුරියක් ද සිටියි.

බෙයාද් නාට්‍යයේ රඟපෑම් වෙනුවෙන් ඇය සම්මාන පවා හිමි කරගත්තාය. ඇය මේ වන විට 32 හැවිරිදි වියේ පසුවෙයි. 1985 මැයි 30 වෙනිදා ජෙනිෆර් මුම්බායේදී උපත ලැබුවාය. වයස අවුරුදු 12දී ඇය ළමා නිළියක් ලෙසින් සිනමාවට පිවිසුණාය. ඇය මුලින්ම රඟපෑවේ ‘කුච් නා කහෝ චිත‍්‍රපටියේ ‘පූජාගේ චරිතයයි.‘රාජා කෝ රානි සේ පයාර් හෝ ගයා’ චිත‍්‍රපටියේ ද ළමා චරිතයක් නිරූපණය කළ ඇය පසුව ටෙලි නාට්‍යය හා එකතු වූවාය.

ඇය වඩාත් ජනපි‍්‍රය වූයේ ‘කසූති සින්දගී කේ’ ටෙලි නාට්‍යයේ ස්නේහාගේ චරිතය රඟපෑමෙනි. එම ටෙලි නාට්‍යය ලංකාවේ විකාශය වූයේ ‘ප‍්‍රවීනා’ නමිනි. එම ටෙලි නාට්‍යය ඔස්සේ බොහෝ ජනපි‍්‍රය වූ ඇය ‘බෙයාද්’ සරස්වතිචන්ද්‍ර ටෙලි නාට්‍යවල ප‍්‍රධාන චරිතයට එකතු විය. ‘සරස්වතීචන්ද්‍ර නාට්‍යයේ ඇය කළ රඟපෑම් වෙනුවෙන් ඇයට ‘ඉන්දියන් ටෙලිනාට්‍ය ඇකඩමි සම්මාන උළලේදී හොඳම නිළියට හිමි සම්මානය හිමි විය.

ජෙනිෆර්ගේ වෘත්තීය ජීවිතය කෙතරම් සාර්ථක වුවත් ඇගේ පෞද්ගලික ජීවිතය එතරම් සාර්ථක වූයේ නැත. ඇය 2012 අපේ‍්‍රල් 09 වෙනිදා කරන් සින්ග් ග්රොවර් සමඟින් විවාහ වූවාය. එහෙත් එම විවාහය පැවැතුණේ 2014 නොවැම්බර් දක්වා පමණකි. ඔවුන් දෙදෙනා එකිනෙකාගෙන් වෙන් වූහ. ඇය දැන් තනිවම ජීවත් වේ. ඇය කියන්නේ තමන්ගේ සිතට හරියන අයෙකු ලැබුණොත් යළිත් විවාහ වෙන බවයි.

පසුගියදා ජෙනිෆර් ගැන අලූත්ම කතාවක් ඇතිවුණේ ඇය ට්විටර් පිටුවේ පළ කළ ඡුායාරූපයක් නිසාය. ඇය මේකප්වලින් තොර ඡුායාරූපයක් ට්විටර් අඩවියට එකතු කර තිබුණාය. සෝහා අලිඛාන්ට පසුව මේකප් නොමැති ඡුායාරූපයක් සමාජ වෙබ් අඩවියකට එක් කළ ඉන්දියානු නිළියක් බවට ඇය පත් වූවාය. එම ඡුායාරූපය පළ කරමින් ඇය පවසා තිබුණේ ‘අපි ඉපදුණේ ඇත්ත විදියට ඉන්න මිස සම්පූර්ණ පුද්ගලයින් විදියට ඉන්න නෙවෙයි. ඔබේ අසම්පූර්ණකම් ඔබ තීරණය කරන්නේ කුමක් නිසාද? අව්‍යාජභාවය කියන්නේ අපේ ඇත්ත ස්වභාවය පිළිබඳ සළකුණක්. නිදහසේ සළකුණක්..’’ යනුවෙනි.

බොහෝ දෙනෙකු මේ ඡුායාරූපයත් මේ අදහසත් බොහෝ සේ අගය කර තිබිණි.

ඉන්දියානු ටෙලි නාට්‍යය ක්ෂේත‍්‍රයේ සරාගී නිළියක ලෙසින් ද නම් දරා සිටින ජෙනිෆර් සිය වෘත්තීය ජීවිතය තව තවත් සාර්ථක කර ගැනීමට මඟ බලාගෙන සිටින්නීය.

 

2018-08-25-ent-72