පුංචි කාලෙ ලවු නිසා කැඩෙන ලොකු කාලෙ කසාද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-01-23-ent-110

ක්‍රිස් ජෙනර් එක්ක තිබ්බ සම්බන්ධෙ නිසා සුපිරි රැප් ගායක ජේසී ඔහුගේ බිරිඳ වූ බියොන්සේට අසාධාරණයක් කරලා නෑ කියලයි කියන්නෙ. මේ ඔක්කොම කතා උඩ ඇදෙන්නෙ මෑතකදී පැතිරුණු බියොන්සෙ ජේසී දික්කසාද කටකතාව නිසායි. කලකට ඉහදී ඇත්වෙච්ච බ්‍රැඩ් පිට් - ඇන්ජලීනා දික්කසාදයට වගේම මේක ගැනත් මිනිස්සු වැඩි අවධානයක් යොමු කරන්නෙ මොවුන් ඉතා සහයෝයෙන් වගේම දක්ෂ ලෙස ස්වාධීනව ක්ෂේත්‍රයන් තුළ වැඩක් කරපු මිනිස්සු නිසායි.

මේ ඔක්කොම කතා සිද්ධ වෙන්නෙ ජේසී අතින් 1992 වසරෙදී සිද්ධ වෙච්ච ලිංගික සබඳතාවක් නිසායි. මේ ගැන දැන් තියෙන්න හදන ඩීඑන් ඒ ටෙස්ට් එකට මුහුණ නොදෙන්නත් ජේසී ලොකු සටනක් කරනවලු. මේ ගැන චෝදනා කරන්නේ ඔහුගේ යැයි පවසමින් මෙම කතා බහ ඉස්මතු කරන රයිමර් සැටර්ත්වෙයිට් නම් වූ විසිතුන් හැවිරිදි තරුණයා පවසන්නේ ජේසී තම මව හා ලිංගිකව එක්වීමෙන් තමන් උපන් බවයි. වන්ඩා නම් එම කාන්තාව බියොන්සේ හා ජේසී මුණැසෙන්නට පෙරාතුව ඔහු හා එක්වූ බවයි පැවසෙන්නේ. මෙම සිදුවීම වන විට ජේසී වයස විසිදෙකක තරුණයෙකු බවට කියැවෙයි.

දැනටත් ජේසී සහ බියොන්සේ වෙනම ජීවත් වන බවත් ඒ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කිරීමට තවම ඔවුන් සූදානම් නැති බවත් කියැවෙයි.

 

රචින්ත ජයවර්ධන

 

2017-01-23-ent-109