'පීකේ' පසුකරන්නට සැරසෙන 'සික්‍රට් සුපර් ස්ටාර්'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-02-15-ent-153

2014 වසරේ තිරගත වූ රාජ්කුමාර් හිරුණිගේ ‘පිකේ’ චිත්‍රපටය උපයාගත ඇති ඉන්දීය රුපියල් කෝටි 854ක මුදල ඉක්මවා යන්නට මේ වන අමිර් ඛාන් නිෂ්පාදනය කළ ‘සික්‍රට් සුපර්ස්ටාර්’ චිත්‍රපටය සූදානමින් සිටින බව සඳහන් වේ.

දැනට චිනයේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳදමමින් තිරගත වන මෙම චිත්‍රපටය දැනට උපයාගෙන ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 750ක මුදලකි. සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටය බොහෝ විට ‘පිකේ’ චිත්‍රපටය විසින් උපයාගත් ඉන්දීය රුපියල් කෝටි 854ක මුදල ඉක්මවා යනු ඇති බවය. එදා මෙදාතුර බොලිවුඩ් සිනමාවේ තිරගත වූ චිත්‍රපට අතරින් ඉහළම ආදායමක් උපයාගත් මුල් චිත්‍රපට තුන අතරට අමිර් ඛාන් රඟන චිත්‍රපට තුනක් ඇතුලත්ව තිබීම වි‍ශේෂත්වයකි.

ඒ ‘දංගල්’ (ඉන්දීය රුපියල් කෝටි 2122), ‘පිකේ’ (ඉන්දීය රුපියල් කෝටි 854) හා ‘සික්‍රට් සුපර් ස්ටාර්’ (ඉන්දීය රුපියල් කෝටි 750) චිත්‍රපටය.