පි‍්‍රයංකා කළකිරීමෙන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-09-19-ent-63

පි‍්‍රයංකා චොප්රා මානව දයාවෙන් පිරුණ සිතැත්තියක් ලෙස ප‍්‍රසිද්ධය. යුනිසෙෆ් ආයතනයේ සන්නාම තානාපතිනියක ද වන ඇගේ අවධානය වඩාත් ොයමු වන්නේ දරුවන් වෙතටය. මේ මෑතකදීත් ඇය සිරියානු යුද්ධය හේතුවෙන් අනාථයන් බවට පත් වූ දරුවන් පිරිසක් සිටින ජෝර්දානයට ගියාය. තමන්ගේ උපන් බිම, සමීපතමයන් සියල්ලන්ම අහිමි වූ මේ දරුවන් ගැන පි‍්‍රයංකාගේ සිතේ වූයේ අප‍්‍රමාණ අනුකම්පාවකි. ඇය සමාජ වෙබ් අඩවි හරහා ඇගේ රසිකයන්ට මේ ගැන දැනුම් දුන්නේ ඒ අනුකම්පාව ඔවුන්ගේ සිත්වලත් ඇති කරලීමේ අරමුණින් යුතුවය. එහෙත් හැම දෙයකම දොස් පමණක් දකින අය සිටිති.

‘‘ජෝර්දානයේ යන්න ඉස්සර මන්ද පෝෂණයෙන් පෙළෙන ඉන්දියාවේ ගම්බද ප‍්‍රදේශවල දරුවන් බලන්න යන්න.. ඒ අය කන්න බොන්න නැතුව දුක් වි`දිනවා..’’

එවන් එක් අයෙකු ලියා තිබිණි. ඒ ඇනුම් පදය පි‍්‍රයංකාගේ සිත රිදවූයේය.

‘‘මම අවුරුදු 12 ක් තිස්සෙම යුනිසෙෆ් ආයතනයට සම්බන්ධ වෙලා ඉන්නවා.. ඔය කියන ගම්වලට ගිහින් විතරක් නෙමෙයි කරන්න පුළුවන් හැම දේම කරලත් තියෙනවා.. ඔය කියන අය මොනවද ඒ දරුවෝ වෙනුවෙන් කරලා තියෙන්නෙ..?’’ ඇය අසන්නීය.

ඉන්දියාව, ජෝර්දානය පමණක් නොව ලේාකයේ හැම රටකම අසරණ දරුවන් ගේ අවශ්‍යතා එක් බ`දුයයි පි‍්‍රයංකා පවසයි. කිසිදු භේදයක් නොතකා ඔවුන් වෙනුවෙන් සේවය කරන්නට තමා සුදානම් බැව් ඇය කියයි.