පිළිකාවක් එක්ක සටන් කරන බොලිවුඩ් නිළිය
බොලිවුඩ් නිළියක් වන සොනාලි බෙන්ද්‍රේ දරුණු පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් නිව්යෝක් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව පසුගිය දිනවල ඉන්දියානු පුවත් වාර්තා කළේය. ඇය මේ වනවිට නැවතත් ඉන්දියාව බලා පැමිණ තිබේ. මේ වනවිට යම් තාක් දුරට තම රෝගී තත්ත්වය සුව අතට හැරෙමින් තිබුණද ඇයට නිතර වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු වීමට සිදුවන බව සඳහන් වේ.
ඇය තමන් පීඩා විඳින පිළිකා රෝගයට එරෙහිව ගෙන සටන සහ අත්දැකීම් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තැබූ කාත්තාවකි. ඇය මෙම පිළිකා තත්ත්වය පිළිබඳව ලොවට පැවසීමත් සමග බොහෝ දෙනා පවසන කාරණාවක් වන්නේ ඇය ධෛර්යමත්ව මෙම රෝගී තත්ත්වයට මුහුණදෙන බවයි. බොහෝ දෙනෙක් වසන් කරන මෙම රෝගී තත්ත්වය පිළිබඳව ඇය විවෘතව කතා කිරීම හේතුවෙන් අනෙක් පිළිකා රෝගීන්ටද ධෛර්යයක් ගෙන එන බව වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ.
ඇයගේ මේ රෝගී තත්ත්වය හේතුවෙන් ෂාරුක් ඛාන් ඇතුළු ඇය සමග රංගනයෙන් දායක වූ බොලිවුඩ් රංගන ශිල්පිනියන් ඇයගේ සුව දුක විමසීමට රෝහලටද පැමිණ තිබේ. ඇය පිළිකාව මර්දනය කිරීමට දැඩි ලෙස සටනක යෙදෙන අයෙකි. සමාජ මාධ්‍ය සමග නිතර ගනුදෙනු කරන ඇයට බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇති බවද ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.