පියාගේ දේශපාලනයට සහය දෙන දියණිය
ඉන්දීය සිනමාවේ ප්‍රබල චරිතයක් වන කමල් හසන් පසුගියදා දේශපාලනයට පිවිසියේය. මේ පිළිබඳව ඉන්දීය ජනතාව දැඩි අවධානයෙන් සිටින අතර, ඔහුගේ දේශපාලන ජීවිතයද බොලිවුඩ් ජීවිතය මෙන්ම සාර්ථකවේ යැයි බොහෝ දෙනෙක් ඔහුට සුබ පතා තිබේ. කෙසේ වෙතත් ඔහුගේ දියණිය වන ශ්‍රැති හසන් මේ පිළිබඳව ප්‍රකාශ කළේ ඇයට දේශපාලනය පිළිබඳව කිසිදු පළපුරුද්දක් නොමැති බවත්, කෙසේ වෙතත් ඇය තම පියාට පූර්ණ සහයෝගය ලබාදෙන බවත්ය.