පිය සෙනෙහස වෙනුවෙන් හඬන අර්ජුන් කපූර්
නුදුරු දිනයකදීම අර්ජුන් කපූර් සහ ඔහුගේ බාප්පා අනිල් කපූර් එකම තිරයක දකින්නට ලැබෙනවා ඇත. ඒ මුබාරකන් චිත්‍රපටියෙනි. එය ජූලි මාසයේදී තිරගත කරන්නට නියමිත නිසා චිත්‍රපටි කණ්ඩායම මේ දිනවල බොහෝ කාර්යබහුල වී සිටියි. එහෙත් මාර්තු 25 දා එහි ප්‍රධාන නළුවා අර්ජුන කපූර්ට නිවාඩු ලැබිණි. ඒ ඔහුගේ මව මෝනා කපූර් ගේ පස් වෙනි ගුණානුස්මරණය වෙනුවෙනි. ඒ දිනය ඔහු සිය සොයුරිය අන්ශුලා කපූර් සමග ගත කළේය.
අර්ජුන් කපූර් ගේ පියා චිත්‍රපටි නිෂ්පාදක බොනී කපූර්ය. ඔහු ශී‍්‍ර දේවි සම`ග විවාහ වන විට අර්ජුන් සහ අන්ශුලා පාසැල් වියේ පසු වූහ. තාත්තාට බෙහෙවින් ආදරය කළ ඔවුන් දෙදෙනාට එම සිද්ධිය දරා ගන්නට අපහසු වුයේය. පාසැලේදී අනෙක් සිසු සිසුවියන්ගේ සරදම්වලට ලක් වෙන්නට සිදු වීම මොන තරම් කටුක අත්දැකීමක්දැයි දන්නේ එවැන්නකට මුහුණ දුන් අය පමණකි.
‘‘ඒත් මගේ දුවයි පුතයි ශක්තිමත් හිත් තිබුණ අය.. ඒ දෙන්නා හැම දේකටම එඩිතරව මූණ දුන්නා..’’
පසු කලෙක මෝනා කපූර් පැවසුවාය.
‘‘මුල් කාලේ දරා ගන්න අමාරු වුණත් පස්සෙ අපි ඒ තත්වෙට මූණ දෙන්න හිත් හදා ගත්තා.. අපිට හැමදාම යථාර්ථයෙන් පැනලා යන්න බෑනෙ.. ඒ හින්දා කවුරු මොනවා කිව්වත් අපි ඉවසාගෙන හිටියා..’’
සිය පියාගේ දෙවන විවාහය ගැන දැනුණේ කෙසේදැයි මෑතකදී අර්ජුන්ගෙන් විමසූ විට ඔහු පිළිතුරු දුන්නේ එලෙසය.
සත්තකින්ම මෝනා කපූර් ද ශක්තිමත් ගැහැනියකි. එසේ නොවන්නට සිය සැමියා තමා හැර දමා ගොස් වෙනත් කාන්තාවක හා විවාහ වූ කල කෝපයෙන් හා ශෝකයෙන් උමතු වන්නට ඉඩ තිබිණි. එහෙත් ඇය දිරියෙන් ජීවිතයට මුහුණ දුන්නාය.
‘‘මගේ විවාහ ජීවිතය අවසානයි.. මම බොනීට ආදරය කළා.. ගෞරව කළා.. ඒත් ඔහුට වෙන කෙනෙක් වුවමනා වුණා.. ඉතින් මට පුළුවන් ද අතින් අල්ලලා ඔහු නතර කර ගන්න..? ශී‍්‍ර දේවිගේ දරුවටත් තාත්තා කෙනෙක් ඕනනෙ..’’
බොනීගේත් ශී‍්‍ර දේවිගේත් විවාහය ගැන මාධ්‍යවලට ප්‍රකාශයක් නිකුත් කරමින් ඇය පැවසුවාය. විවාහයට පෙර ශී‍්‍ර දේවි ගැබිණියකව සිටි පුවත වැඩි දෙනෙකු දැන ගත්තේ ඇගේ එම ප්‍රකාශයත් සම`ගය.
‘‘මගේ අම්මා, තාත්තා, නංගි ඒ වේදනාවෙන් මිදෙන්න මට ලොකු සහයෝගයක් දුන්නා.. මගේ යාළුවා මීනගෙ අම්මා කිව්වා කාගෙ හරි ජීවිතේක තමන්ට තැනක් නැත්නම් තමන්ගෙ ජීවිතෙත් ඒ තැනැත්තට ඉඩක් තියෙන්න විදියක් නෑ කියලා.. ඒ වචන ඉෂ්ට මන්ත්‍රයක් වගේ මට පිහිට වුණා.. කැඩිලා බි`දිලා ගියේ මගේත් බොනිගේත් සම්බන්ධය මිසක් මම නෙමෙයි කියලා මම තේරුම් ගත්තා.. ඉතින් මම අතීතය අමතක කරලා දාලා මගේ දරුවෝ ගැන හිතන්න පටන් ගත්තා.. මගේ ව්‍යාපාර කටයුතු වැඩි දියුණු කර ගන්න කාලේ යෙදෙව්වා..’’ මෝනා කපූර් එසේ කීවේ පසුකලෙකය. ඉන්දියාවේ වැඩිම පහසුකම් සහිත ගෘහස්ත චිත්‍රාගාරය වන ෆියුචර් ස්ටුඩියෝ හි හිමිකාරිනිය වූයේ මෝනාය. ඇයට තවත් ව්‍යාපාර දෙක තුනක්ම තිබිණි. සිත් වේදනාව තුනී කර ගන්නටත් සම`ග මෝනා වැඩ සොයමින් ඒවායේ නියැලූණාය.
‘‘මමයි බොනියි විවාහ වුණේ යෝජනාවකින්.. විවාහ වෙනකොට මගෙ වයස අවුරුදු දහ නවයයි.. ඇත්තටම මම වයසින් වැඩුණේ ඔහුත් එක්කමයි.. අවුරුදු දහතුනක් අපි එක ගෙදර හිටියා.. දරුවෝ දෙන්නෙක් හැදුවා.. ඒ හින්දම මට ඔහුගේ අලූත් සම්බන්ධය දරා ගන්න පහසු වුණේ නෑ.. ඒත් මම පස්සෙ හිතුවා මිනිස්සු වැඩි දෙනෙක් වෙනස් වෙන්න කැමතියි.. බොනීත් ඒ අයගෙන් එක්කෙනෙක් කියලා.. ඒත් මම කවදාවත් මගේ දරුවෝ බොනීගෙන් ඈත් කළේ නෑ.. ඔහුයි කුඩම්මයි ඇසුරු කරන්න ඉඩ දුන්නා..’’
ඇය හිත හදා ගත්තේ එවන් බොහෝ දේවල් සිතමිනි. ඇයට ඇගේ සෞඛ්‍ය තත්වය ගැන අවධානය යොමු කරන්නට කාලයක් තිබුණේ නැත. එම නිසාම ඇයට පිළිකාවක් ඇති බැව් සොයා ගන්නා විට එය අවයව කිහිපයකටම පැතිර තිබිණි. 2012 මාර්තු 25 දා ඇය මුම්බායි හි හින්දුජා රෝහලේදී මිය ගියාය. ඒ වන විට ඇගේ වයස අවුරුදු 42කි. එවන් ඛේදජනක මරණයකට මුහුණ දෙන්නට ඇයට සිදු විම පිළීබදව ශී‍්‍ර දේවිට ද චෝදනා එල්ල වූයේය. වැඩි දෙනෙකු ඇය හැ`දින්වුයේ පවුල් කඩාකප්පල් කරන්නියක ලෙසිනි.
ශ්‍රී දේවි සහ බොනී ආදරයෙන් බැ`දුණේ ඔහුගේ සොයුරු අනිල් කපූර් හා ඇය ර`ග පෑ මිස්ටර් ඉන්දියා චිත්‍රපටියේ රූගත කිරිම් කරන කාලයේයයි මිනිස්සු විශ්වාස කරති. එහෙත් බොනී කියන්නේ ඔහු ඇයට ආදරය කරන්නට පටන් ගත්තේ ඇය ර`ග පෑ දෙමළ චිත්‍රපටියක් නැරඹූ පළමු දිනයේ සිට බවය. දකුණු ඉන්දියානු නිළියක වූ ශ්‍රී දේවි එවකට හින්දි චිත්‍රපටිවල ර`ග පෑවේ නැත. ඔහු ඇය දැකීමේ ආශාවෙන් චෙන්නායිවලට පවා ගොස් තිබිණි. එහෙත් ඔහු යද්දී ඇය සිට ඇත්තේ සිංගප්පූරුවේය.
ඇය හින්දි සිනමාවට පිවිසියේ සෝල්වා සාවන් චිත්‍රපටියෙනි. එය දැන ගත්තාට පසුව බොනීට ඇය සිය චිත්‍රපටියක් ස`දහා යොදා ගන්නා තුරු ඉවසිල්ලක් නොවිණි. ඔහු ඇය සොයා එම දර්ශන තලයට ගියේය. එහෙත් ශී‍්‍ර දේවි ඔහු සම`ග කතා කරන්නට මැලි වුයේ ඔහු ආගන්තුකයෙකු වූ නිසාය.
‘‘මගේ අම්මා තමයි මං ර`ග පාන චිත්‍රපටි ගැන තීරණ ගන්නෙ.. අම්මා හම්බ වෙලා කතා කරන්න..’’
ඇය කැඩුණ ඉංගි්රසියෙන් සහ හින්දි බසින් පැවසුවාය.
බොනි කපූර් ඇගේ අම්මා සොයා ගියේය. ඇය මිස්ටර් ඉන්දියා වෙනුවෙන් ලක්ෂ දහයක් ඉල්ලූවාය. එය ඉතාමත් වැඩි මුදලක් වුවත් ඔහු ලක්ෂ එකොළහක්ම දෙන්නට පොරොන්දු වුයේ ශි‍්‍ර දේවි ළ`ග ගැවසෙන්නට ලැබීම ඊට වඩා බොහෝ වටිනා බැවිනි.
එහෙත් බොනීට ඇය දිනා ගන්නට හැකි වුයේ නැත. ඒ ඇය මිතුන් චක්‍රබෝර්ති සම`ග ආදරයෙන් බැ`දුණ නිසාය. මිතුන් ඒ වන විටත් විවාහකයෙකුව සිටියත් සිය මිතුරෙකු වූ ඔහුට එරෙහිව ශ්‍රි දේවි සම`ග කතා කරන්නට බොනීට හැකි වුයේ නැත. ඔහු මව්පියන් ගෙනා යෝජනාවට එක`ග වී මෝනා සම`ග විවාහ වූයේය. ශ්‍රි දේවි ද මිතුන් සම`ග රහසේ විවාහ වූ බවට කටකතා ක්ෂේත්රය පුරා පැතිර ගියේය. එහෙත් මිතුන් එය පිළි ගත්තේවත් සිය බිරි`ද යෝගීතා බාලි දික්කසාද කරන්නටවත් කැමති වූයේ නැත. ඉන් බලවත් සේ සිත් පීඩාවට පත් ඇය ටික කලකට විදේශ රටක පදිංචියට ගියාය. එකල්හි ඇය සිය පවුලේ අය හැරුණ කොට කතා කළ එකම තැනැත්තා බොනී පමණකි.
බොනී ඇයට බොහෝ සෙයින් උදව් කළේය. ඇගේ අම්මා දැඩි ලෙස රෝගාතුර වී ප්‍රතිකාර ස`දහා ඇමෙරිකාවට ගෙන ගිය විට සහයෝගයට සිටියේ බොනීය. ඔහු ඇගේ අම්මා විසින් ගනු ලැබූ විශාල ණය ප්‍රමාණයක් ද ගෙවා දැම්මේය. ඔහු තමා පිළීබ`දව මොන තරම් සැළකිලිමත් වන්නේදැයි වටහා ගත් විට ශී‍්‍ර දේවි ඔහුට ආදරය කරන්නට පටන් ගත්තාය. අවසානයේදී ඔහු සිය බිරි`ද හා දරුවන් හැර දමා ඇය වෙතට පැමිණි කල ඇය මහත් සතුටින් ඔහු පිළි ගත්තාය. අද ඔවුන්ට ජාන්වි සහ කුෂි නම් දියණියන් දෙදෙනෙකි.
‘‘මම අදටත් ශ්රීට පිස්සුවෙන් වගේ ආදරේ කරනවා..’’ බොනී කියන්නේය.
අම්මාත් තාත්තාත් දෙදෙනාම අහිමි වූ අර්ජුන් කපූර්ට සහ අන්ශුලාට එම ප්‍රකාශය කෙසේ දැනෙනවා ඇද්දැයි සංවේදී සිත් ඇත්තෝ ප්‍රශ්න කරති. අර්ජුන් නම් කියන්නේ ඔහු තුළ කිසිම කෙනෙකු ගැන ද්වේෂයක් නැති බවය.