පින වැඩි කරන්න බැරිද?
හැම අවස්ථාවකදීම හාස්‍ය රසය හොයන කලාකරුවො ඉන්නවනෙ. මේ අයට පුලුවන් හැම වචනයක්ම වෙනත් අර්ථයක් දෙන විදිහට පෙරලන්න.
මෙන්න මේ වගේ ශිල්පියෙකු පහුගිය දවසක ගියාලු එයාගෙ ඇස් කන්නාඩි මාරු කරගන්න. ඊට කලින් ඔහුගේ ඇස් පරීක්ෂාවට ලක්කළ සේවිකාව කිව්වලු සර්ගෙ පව එක නම් ටික වැඩි කරගන්න වෙයි කියලා.පිස්සුද මිස්, එහෙම කරන්න එපා. අපි රැස් කරගෙන තියෙන පව හොඳටෝම ඇති. පුලුවන් නම් ටිකක් පින වැඩි කරලා දෙන්න.
අයියෝ සර් මම කිව්වෙ සර්ගෙ කණ්ණාඩියේ පව එක ගැන.