පැරණි පෙම් කුරුල්ලෝ
කති‍්‍රනා කායිෆ් හා රන්බීර් කපූර් ගේ ආදර අන්දරය පිළිබ`ද උණුසුම් පුවතක් නැතිව ගත වූ දිනක් නැති යුගයක් තිබිණි. දීපිකා පදුකෝන් සම`ග පැවති සම්බන්ධය බිදුණ පසු රන්බීර් ගේ රිදුණ සිත සුවපත් කරන ලද්දේ කති‍්‍රනා විසිනි. මේ ආදරවන්තයෝ ටික කලක් එක නිවසක් බෙදාහදාගෙන ද ජීවත් වූහ. එහෙත් පැණි වරකා ගසට වුව හෙණ වදින්නේය. ඔවුන් දෙදෙනාගේ සුන්දර ආදර කතාව ද 2016 දී නිමා වූයේය.
දැන් ඔවුන් දෙදෙනා පිළිබ`ද පුවත් වලට නැවතත් තටු ලබා ඇත්තේ ක්ුලි 14 දා සිට තිරගත වෙන්නට නියමිත ජග්ගා ජාසූස් චිත්‍රපටිය නිසාය. එහි ප්රචාරක කටයුතු ස`දහා තැන්තැන්වල යන්නට ඔවුන් දෙදෙනාට සිදු වී තිබේ. ඒ අවස්ථාවල ඔවුහු බොහෝ සතුටින් එකිනෙකා සම`ග කතාබහ කරන දර්ශන අඩංගු ඡුායාරූප මාධ්‍යවල පළ වූයේය.
‘‘ඒ දෙන්නා ආයෙමත් එකතු වෙනවා සහතිකයි..’’ ඒවා දුටු රසිකයෝ පවසති.