පැය 4ක් බයිසිකල් පදින සල්මාන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-14-ent-61

බොලිවුඩයේ සුපිරි නළු සල්මාන් ඛාන් මේ දිනවල උදෑසන පැය හතරක කාලයක් පාපැදියකින් සිය ව්‍යායාම් කටයුතු සඳහා සිදුකරන බව වාර්තා වේ. සල්මාන් මෙසේ පාපැදියකින් සිය ව්‍යායාම් කටයුතු සිදුකරන්නේ මේ දිනවල ඉන්දියාවේ රූපගත කරන ‘ටයිගර් සින්දාහේ’ චිත්‍රපටයට අවශ්‍ය කරන අන්දමට සිය සිරුරේ හැඩය පවත්වා ගැනීමට බව සඳහන් වේ.

සති කිහිපයක් තිස්සේ මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් ඩුබායිහි සිදුවූ අතර, එහි ඉතිරි කොටස් මේ වනවිට ඉන්දියාවේදී රූපගත කරන්නට සූදානම් කර තිබෙන බව සඳහන් වේ. මෙම චිත්‍රපටයෙන් පසුව සල්මාන් කරන් ජෝහර්ගේ චිත්‍රපටයක් සඳහා සම්බන්ධ වීමට නියමිත අතර, එහි ඔහු සමගින් ආක්ෂේ කුමාර්ද රංගනයෙන් දායක වන බව දැනගැනීමට ලැබේ.