පැය 17කින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් උපයයි
අප්‍රේල් 26 වැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ඇරඹු ‘ඇවන්ජර්ස් ඊන්ඩ් ද ගේම්’ චිත්‍රපටය පැය 17ක් ගෙවෙද්දි සිය ආදායම් උපයා ගැනීම ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් උපයන්නට සමත් විය. මීට පෙර එම වාර්තාව තබා තිබුණේ 2015 වසරේ තිරගත වූ ‘Star Wars: The Force Awakens‘ චිත්‍රපටයයි.
එය තිරගත වී පැය 21ක් ඇතුළදී ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ආදායමක් උපයා ගන්නට සමත් විය. ‘Star Wars: The Force Awakens‘ චිත්‍රපටය ‘ඇවටර්’ හා ‘ටයිටැනික්’ චිත්‍රපටවලට පසුව ලොව වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය බවට පත්වීමට හැකි විය.