'පාරමාණු' සාර්ථකවන ලකුණු
ඉන්දීය රූපියල් කෝටි 50ක වියදමකින් තැනුණ ‘පාරමාණු’ බොලිවුඩ් චිත්‍රපටය පසුගියදා තිරගත විය. දින තුනක් ගෙවෙද්දි ඉන්දීය රුපියල් කෝටි 25ක ආදායමක් උපයාගත් මෙම චිත්‍රපටය බොලිවුඩ් බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ පෙරළියක් ඇති කිරීමට සමත්ව ඇත.
සිනමා විචාරකයන් පවසන්නේ වියදම් කළ ඉන්දීය රුපියල් කෝටි 50ක මුදල මෙම චිත්‍රපටය ඉතා පහසුවෙන් උපයාගනු ඇති බවය. මෙය ජෝන් ඒබ්‍ර්හිම්ගේ නිෂ්පාදනයක් වන අතර, ඔහු මීට පෙර නිෂ්පාදනය කළ ‘රොකී හැන්ඩ්සම්’ හා ‘ෆ්‍රෝස්’ 2 චිත්‍රපට අසාර්ථක විය.
‘පාරමාණු’ චිත්‍රපටයේ ජෝන් සමගින් ඩයනා පෙන්ට් හා බෝමන් ඉරානි රංගනයෙන් දායක වී තිබේ.