පාකීෂා නිළිය ගීතා මිය යයි
පාකීෂා චිත‍්‍රපටියේ චරිතය තුළින් රසික සිත් තුළ නොමැකෙන මතකයක් ඉතිරි කළ ගීතා කපූර් පසු ගිය 26 දා මුම්බායි හි වැඩිහිටි නිවාසයකදි මිය ගියාය. 57 වැනි වියේ පසු වු ගීතා වැඩිහිටි නිවසකට ඇතුළත් කරන ලද්දේ ඇගේ දරුවන් විසිනි. ඉන්පසුව ඔවුන් කිසිම දිනෙක ඇය බලන්නට පැමිණ නොතිබිණි.
‘‘ඇත්තටම ගීතා මැරෙන්න මූලිකම හේතුව හිත් වේදනාව.. දරුවෝ එනකම් ඇය හැමදාම මග බලාගෙන හිටියා..’’
පසුගිය වසර දෙක පුරාම ඇයට බේත්හේත් ගන්නට මූල්‍යමය ආධාර සැපයූ චිත‍්‍රපටි නිෂ්පාදක අශෝක් පණ්ඩිත් පැවසුවේය.
කුඩා කල සිටම නර්තනයට පි‍්‍රය කළ ඇය ෆාරා ඛාන් ගේ නැටුම් කණ්ඩායමට එක් වූවාය. ඇය මුලින්ම රංගනයක් ඉදිරිපත් කළේ කුච් කුච් හෝතා හෑ චිත‍්‍රපටියේය. ඉන් පසුව ඇය චිත‍්‍රපටි 100 කට අධීක ප‍්‍රමාණයක පෙනි සිටියාය. ඇය ප‍්‍රධාන චරිතයක් රග පෑවේ පාකීෂා චිත‍්‍රපටියේය.
ඇගේ දියණිය ගුවන් සේවිකාවක් වන අතර පුතා ද ඇය මෙන්ම නර්තන ශිල්පියෙකු බව කියැවෙයි. එහෙත් ඔවුහු ඇය වැඩිහිටි නිවාසයක අත් හැර දමා ගියහ.
‘‘ඇත්තටම ඇයට ලොකු අසනීපයක් තිබුණෙ නෑ.. ඇය හිටියෙ හිත් වේදනාවෙන්.. අන්තිම මොහොතේ හරි එක දරුවෙක්වත් ඇය බලන්න එයි කියලා ඇය මග බලාගෙන හිටියා.. වැඩිහිටි නිවාසයේ අය ඇය සතුටින් තියන්න හුගක් දෙවල් කළා.. ඇයව වැඩිහිටි නිවාසෙ තනි කරලා ගිය දරුවන්ට වැඩිය අනිත් හැමෝම හොදයි..’’
අශෝක් පණ්ඩිත් පැවසුවේ කළකිරිම මුසු හඩකිනි.